මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය හරහා එම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන අතර
යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අංක 117 අමතන ලෙස දැනුම් දී තිබේ.

එසේ නොමැතිනම් විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරියේ 0113668032,0113668087 හෝ 0113668025 අංක ඇමැතිය හැකි අතර මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරිය ලබන ඉරිදා (22) දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...