මැතිවරණ කටයුතු සඳහා බස් රථ 1,358ක් සූදානම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව ඇති බව පැවසේ.

මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (19) සහ හෙට (20) යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය.

මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර අද දින විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද සහ ලබන 21 වන දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන අතර හෙට සහ 22 වන දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනුරාධපුරය සහ මහව අතර මාර්ගයේ පවතින දෝෂ සහිත තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනයට එක් නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසන අතර, අදාළ මාර්ගය අලුත්වැඩියා කටයුතු නිම කළ ද එහි සංඥා දෝෂ පවතින බව, ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් චන්දන ලාල් මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...