මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ව තිබියදී ජනාධිපතිගේ Zoom වැඩක් ගැන පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රචාරක කටයුතු අවසන් කර තිබියදී එම නීතිමය තත්ත්වය නොතකා දිවයින පුරා පිහිටි පෙර පාසල් ගුරුවරු දැනුවත් කිරීමේ Zoom වැඩසටහනක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික කේ.ජී. ලීලානන්ද මහතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇත.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දිවයින පුරා පිහිටි පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ප.ව. 1ට Zoom ඔස්සේ සංවිධානය කර ඇති බවටයි එම පැමිණිල්ල සිදුකර ඇත්තේ.

”Topic: All Island Pre School Meeting
Time: Sep 19, 2024 01:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88239703345…
Meeting ID: 882 3970 3345
Passcode: 796997”
එම සබඳතාව ද දක්වා තිබෙන අතර සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ව ඇති මොහොතක මැතිවරණ නීති රීති සියල්ල උල්ලංඝණය කරමින් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සිය විධායක බලය භාවිතා කරමින් සිදු කිරීමට සැරසෙන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැදිහත් වී එය නවතා දැමීමට මැදිහත් වන ලෙස ලීලානන්ද මහතා විසින් ඉල්ලා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...