වසර 8කට පසු හයිටියටත් මැතිවරණයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හයිටි රාජ්‍යය මැතිවරණයකට සුදානම් වේ.

ඒ 2016 වසරට පසුව පැවැත්වෙන පළමු මැතිවරණයට බව වාර්තා වේ. ඒ වෙනුවෙන් තාවකාලික මැතිවරණ කවුන්සිලයක් මේ වනවිට පිහිටුවා තිබෙන බව සඳහන් වේ.

මෙම මැතිවරණ කවුන්සිලය ගොවීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් හා එරට වෝදු ප්‍රජාව ඇතුළු කණ්ඩායම් නියෝජනය කරන බව වාර්තා වේ.

2026 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා නීතිමය රාමුවක් සැකසීම මෙන්ම ඡන්ද විමසීම සංවිධාන කිරීම ද එම කවුන්සිලයට පැවරී තිබෙන අතර, එම කවුන්සිලයේ සාමාජිකයින් හත් දෙනෙකු සිටින බව එරට අගමැති කාර්යාලය නිවේදනය කරයි..

තවත් ආසන දෙකක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි. 2021 වසරේදී දී හයිටි ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ ඝාතනයෙන් පසු ඇති වූ අස්ථාවර දේශපාලන තත්ත්වය හමුවේ එරට මැතිවරණ පැවැත්වුනේ නොමැති බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...