තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

අද (19) සිට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ආරම්භ වේ.

ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කලේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කර සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මගී සුවපහසුව වැඩිදියුණු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ බවය.

එහිදී, අත්හැර දැමූ ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සිදු කෙරෙනු ඇති අතර, ඩිපෝ සඳහා නව ආදායම් මාර්ග නව සේවා හා ව්‍යාපාර අවස්ථා හඳුන්වාදීම, කාර්ය මණ්ඩල අභිප්‍රේරණය කිරීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හඳුන්වාදීම, එම ව්‍යාපෘතිය මගින් සිදු කිරිමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...