මිනිස්සු ළගට ම ගිහින් සේවාවන් සපයන්න ‘ග්ලෝකල් ෆෙයා 2022‘ සංවිධානය කරනවා – මනුෂ

Date:

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පවත්වන බවත්, කම්කරු ගැටලු සහ සුබසාධනය සේ ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබද පූර්ණ අවබෝධයක් මෙහිදී ලබා ගත හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය.

එසේ ම විගමනික ශ්‍රමිකයන් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, වාහන අවසර පත්‍රය ඇතුළු සියලු කරුණු විමසා දැනගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

එහි දී වැඩි දුරටත් මාධ්‍ය ඇමැතූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

රටේ සියලුම කම්කරුවන්ගේ වගකීම් දරන්නේ කම්කරු අමාත්‍යාංශයයි. මුළු රටේම මිනිස් බලය ගැන වගකීම දරන අමාත්‍යාංශය අපේ අමාත්‍යාංශයයි. මුළු රටේම තරුණ ප්‍රජාව රැකියා ගත කිරීම, විදේශ රැකියා සදහා යොමු කිරීම වගේම විගමණික ප්‍රජාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු විශාල විශය පථයක් ඇතුළත කටයුතු කරනවා.

අපි මිනිසුන් ළගට ගිහින් වැඩ කරන්න ඕන. මිනිසුන්ගේ ප්‍රශ්න හොයලා බලලා උදව් කරන්න ඕන. අපේ සේවාවන් ගමට ගිහින් ලබාදීමට අපි තිරණය කළා. එහි ආරම්භක පියවර විදියට, අමාත්‍යාංශය ගමට යාමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. කෙනෙක්ට මේක ජංගම සේවයක් කියලා කියන්න පුලුවන්. කෙනෙක්ට මේක සේවා සපයන කානිවල් එකක්, ‍ෆෙයා එකක් කියලා කියන්න පුලුවන්. ඒ කොහොම කිව්වත් අපි මේක හදුන්වන්නේ ග්ලෝකල් කියලා. ලෝකයත්, ලංකාවත් වැඩ ලෝකයකට එකතු කරන අවස්ථාවක් හැටියට තමයි අපි මේක හදුන්වන්නේ.  ඒ අනුව ඔක්තෝබර් 15 -16 යන දින දෙකේදී ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනයෙන් මේක ආරම්භ කරනවා.

මෙතැනදී දේශීය රැකියා, විදේශ රැකියා, කම්කරු අමාත්‍යාංශයේ ප්‍රශ්න විසදාගන්න, නොයෙක් දේ ගැන දැනුවත් වීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශය සමග සම්බන්ධවීමට, රැකියා ගැන අධ්‍යයනයන් කිරීමට, අපේ සියලුම සේවාවන් ගමට ගිහින් ලබාදීමට තමයි කටයුතු කරන්නේ.

මේක සාම්ප්‍රදායික ජංගම සේවයකට එහි ගිහින්, ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් විදියට තමයි කටයුතු කරන්නේ. මෙයට සම්බන්ධවීමට  කැමැති අයට ඉදිරියේදී මෙයට අදාලව ලියාපදිංචීවම සදහා වන ක්‍යු.ආර්. කෝඩ් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ හරහා ලියාපදිංචි වෙන්න පුලුවන්. රැකියා සපයන ආයතනවලට, විදේශ රැකියා සපයන ආයතනවලට, තරුණ තරුණියන් පුහුණු කරන ආයතනවලට, පුද්ගලික විශ්ව විද්‍යාලවලට, වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙන ආයතනවලට මේකට සම්බන්ධ වෙන්න පුලුවන්. මේ සියල්ල සම්පුර්ණ වුන සැණකෙළි ස්වරූපයක් ගන්නා නමුත් අමාත්‍යාංශ ජංගම සේවයක් විදියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේකත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන් තොරතුරු මාධ්‍ය හරහා ලබාදීමට කටයුතු කරනවා. වෙනමම වෙබ් අඩවියක් මේ සදහා විවෘත වෙනවා. වෙනම ෆේස් බුක් පිටුවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

මෙතැනදී විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර ලබාදීම, විශ්‍රාම වැටුප ලබාගැනීම ගැන දැනුවත්වීමටත් අවස්ථාව ලබාදි තිබෙනවා. තමන්ට ජීවිතය හදාගැනීමට අවශ්‍ය මාර්ගය හදා ගැනීමට, අනාගතය සකස් කරගැනීමට අවස්ථාව ලැබෙන තැනක් තමයි මේ. මේක සේවා සපයන සැණකෙළියක්. හැබැයි මේක සැණකෙළි පවත්වන්න වෙලාවද කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. අපි රජයේ මුදල් වියදම් කරලා නෙමෙයි මේක කරන්නේ. අපේ සේවාවන් ගමට ගිහින් ලබාදෙන්නේ සංදර්ශනයක් විදියට නෙමෙයි. සේවාවක් සපයනවා.  සේවාවක් සපයනවා. ඒක ඉහළ මට්ටමින් ලබාදෙන්නේනේ  ජනතාව වියදම් කරගෙන හතර අතේ ඇවිදින එක නතර කිරිමටයි. අමාත්‍යාංශයෙන් කරන සියලුම කටයුතු ගමට ගිහින් දෙන්නේ රජයේ මුදල් නාස්ති කරන්නේ නැතිවයි.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අදහස් දක්වමින් මෙසේ පැවසුවේය

මේක මීට කලින් අපි දැකලා තියෙන රැකියා පොළ අත්දැකීමෙන් ඔබ්බට ගිය දෙයක්. කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු ආයතනවලට අමතර ව මහ බැංකුවත් මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඊපීඑෆ්, ඊටීඑෆ් ඇතුළු ඔබට ප්‍රශ්න තියෙන සියල්ල සදහා මෙතන දී විසදුම් ලබා ගන්න පුළුන්. ඒ නිසා මේ ආයතනවලට අදාළ ගැටලු තියෙන දකුණු පළාතේ සියලු දෙනා ඒ ගැටලු දැන්මම අපිට දැනුම් දෙන්න. ලේකම්, ග්ලෝකල් ෆෙයා 2022, කම්කරු අමාත්‍යංශය, නාරාහේන්පිට, කොළඹ ලිපිනයට සියලු ගැටලු යොමු කරලා තියන්න. එවිට අපිට පුළුවන් ඒ සියල්ල සදහා විසදුම් සූදානම් කරගෙන පැමිණෙන්න. ඒ වෙලාවේ දී ගැටලු යොමු කරනවට වඩා කල් වේලා ඇතිව අපිට ලිඛිත ව දැනුම් දීලා එන එක වඩාත් ඵලදායකයි.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ප්‍රධානීහු එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...