*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දී, ආණ්ඩුව අධි පෝෂණයකට මාවත හදාගන්නවා – සජිත්

සෞභාග්‍යයේ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් බලයට පැමිණි ආණ්ඩුව ජනතාවට අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්,රටම මන්දපෝෂණයෙන් වෙලාගනිද්දී, ආණ්ඩුවට අධිපෝෂණයේ මවත සොයමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

එදා අසාධාරණයට ලක් වූ සියලු දෙනාට යුතුකම් ඉටු කිරීමට තමන් කැපවෙන බව වර්තමාන ජනාධිපතිවරයා එවක ප්‍රකාශ කළත්, අද යුතුකම් ඉටුකරමින් සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අඩත්තේට්ටම් කළ වැරදිකරුවන්ට බවත්, ඔවුන්ට ඇමති තනතුරු ලබාදෙමින් විරුද්ධවාදීන් පිනවීමට ජනාධිපතිවරයා ක්‍රියාකරන බවත්, විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ වන විට මුළු මහත් ජාත්‍යන්තරයෙන් ම ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, සිහිපත් කළ විපක්ෂනායකවරයා, ඉන්දියාව යළි මෙරටට මූල්‍යාධාර ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවත් කියා සිටියා.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහයක් ලබා නොදෙන බවට ජාත්‍යන්තර සංවිධානද ප්‍රකාශ කර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (18) ගම්පහ දිස්ත්‍රීක්කයේ, අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan