වලල කොවිඩ් ඉරණම

Date:

මෙවර ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා උළෙලේදී වලල ඒ.රත්නායක විද්‍යාලය සමස්ත බාලිකා සූරතාවය දිනා ගත්තත් ඔවුන්ගෙන් වෙනදා තරම් දක්ෂතා මතු වූයේ නැහැ.

ජාතික මට්ටමෙන් පාසල් මලල ක්‍රීඩා බිම තුළ කැපී පෙනෙන වලල විද්‍යාලයේ දක්ෂතා අවම වීමට හේතුව කොවිඩ් තත්ත්වය පදනම් කරගෙන ඇති වූවක් බව,එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සුසන්ත ප්‍රනාන්දු පවසනවා.

“පාසල නියෝජනය කරමින් සිටි දරුවන් හය දෙනෙක්ම ගොවිතැන සහ සුළු ව්‍යාපාර කටයුතු තෝරගෙන.ඔවුන්ව සොයාගෙන ගොස් ක්‍රීඩාවේ සහ අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්නත් පවුලෙ ආර්ථිකයට ශක්තියක් වී සිටින ඔවුන් එයින් ඉවත් කිරීමට දෙමව්පියන් පවා කැමත්තක් දැක් වූයේ නැහැ.”

සුසන්ත පවසන කතාවෙ තියෙන්නෙ වලලට සීමා වූ ඛේදවාචකයක් නෙමෙයි.පශ්චාත් කොවිඩ් සමය දැඩි ආර්ථික අහේනියක් සහිත තත්ත්වයක් බවට පත්වෙන්නෙ,කොවිඩ් පමණක් පදනම් කරගෙන නෙමෙයි.රටේ පැවත්ම සඳහා පාළකයන් ගත් අඳුරදර්ශී තීරණත් ඒ සඳහා බලපාන්න ඇති.එවැනි තත්ත්වයන් ගැන කතා කිරීමත් ක්‍රීඩාවේම කොටසක්.ඒ නිසා එවැනි තොරතුරු ඔබ සතුව ඇත්නම් ඒවා 0773815999 වට්ස්ඇප් අංකය වෙත යොමු කරන්නට කටයුතු කරන්න.

“හැබැයි මේ දිනපු දරුවො සියල්ලම දක්ෂයි.අපේ දරුවො ආවෙ නැහැ කියන එකේ අදහස අපි නැති නිසා දිනුව කියන එක නෙමෙයි.සමහරවිට අපේ අය හිටියත් පරදින තරමට දිනපු දරුවො දක්ෂයි.නමුත් මෙහෙම තත්ත්වයක් පාසල් වයසෙ දරුවන්ට සිදුවීම අභාග්‍යක්.”

සුසන්ත මෙවර ජෝන් ටාබට් තරගාවලියේ සියලු ජයග්‍රාහකයන්ට සුබ පතමින් පැවසුවා.

ඡායාරූපයේ සිටින්නේ මෙවර කාන්තා සූරතාවය දිනා ගත් වලල ඒ.රත්නායකයේ බාලිකා කණ්ඩායමයි.
RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...