*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ඩිල්ෂාන් මධුෂංකට ඩර්බන් කණ්ඩායමෙන් ලක්ෂ 2.75 ක වටිනාකමක් !

ලබන ජනවාරි මාසෙය්දී පැවැත්වෙන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට පැවැත්වෙනවා. ක්‍රීඩක වෙන්දේසිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සහ විදෙස් ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ අතර මේ දක්වා තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල හිමිකරුවන් විසින් තෝරා ගත්තේ එක් ක්‍රීඩකයෙකු පමණි. සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම වෙන්දේසියේ පළමු අදියරේදී ප්‍රතික්ෂේප විය.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් රැසක් අභිබවා යමින්, තවමත් සීමිත තරග කිහිපයකට පමණක් සීමා වූ ජාත්‍යන්තර අත්දැකීම් සහිත යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක දකුණු අප්‍රිකානු රෑන්ඩ් 175,000 ක මූලික වටිනාකමකට වෙන්දේසිය සඳහා ඉදිරපත් විය.

ඩර්බර් සුපර්ජයන්ට් කණ්ඩායම පළමුව ඔහු මිලදී ගැනීමට ඉදිරිපත් වූ අතර ප්‍රිටෝරියා කැපිටල් කණ්ඩායමද තරගයට අවතීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිල්ෂාන්ගේ වටිනාකම තවත් රෑන්ඩ් ලක්ෂයකින් ඉහළ ගිය අතර රෑන්ඩ් 275,000 කට ඔහු මිලදී ගත්තේ ඩර්බන් සුපර්ජයන්ට් කණ්ඩායමයි.

පසුගියදා අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේදී ජාත්‍යන්තර 20/20 වරම් දිනා ගත් ඩිල්ෂාන්ට කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නාගේ වගකීම දැරීමට සිදු වූ අතර ඔහු එම වගකීම පළපුරුදු පන්දු යවන්නෙකු සේම ඉටු කිරීමට සමත් වූ අතර ආසියානු ශූරයන් බවට පත්වීමට ඔහුගේ පන්දුයැවීම ප්‍රබල දායකත්වයක් දැක්වීය.

සුපිරි 04 දෙනාගේ වටයේ ඉන්දියාව සමග පැවති තරගයේදී සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීම ඔහුගේ කෙටි තරග දිවියේ සුවිශේෂ කඩඉමක් ලෙස සැළකිය හැකිය.

අත්දැකීම් සපිරි ප්‍රබල ක්‍රීඩකයන් සියලුදෙනා ප්‍රතික්ෂේප වෙද්දී ඩිල්ෂාන් කෙරෙහි ඩර්බන් කණ්ඩායම විස්වාසය තැබීම ඔහුගේ අනාගත තරග දිවිය සඳහා ප්‍රබල පිටුවහලක් වනු ඇත.

ඩිල්ෂාන්ට අමතරව මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර ක්‍රීඩක වෙන්දේසියට පෙරම ඔහු එම කණ්ඩායමට ඇතුළත් කර ගැනිණි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan