*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

පිදිය යුතු දිරිගැන්වීමේ කලාවේ පරමාදර්ශය පර්සි පිදීම

දිරි ගැන්වීම සලකනු මැන කලාවක්
තනියෙන් එයට දී විසිතුරු රටාවක්
රට රට පතල පරසිදු රස ගුලාවක්
පිටියේ ක්‍රිකට් ඔහු වෙනමම කලාවක්
තරු පිරි ක්‍රිකට් අහසම පොළවට නැමෙන
පර්සි යි කියා දෑතින් අල්ලා දොඩන
තරු මංඩලේ බැටරිය ඔහු ඔප දමන
ඔහු නැති දාක දැනෙනවා තරුවක නිවුන
(ස්පොර්ට්ස් Kavi කාව්‍ය සංග්‍රහයෙන්)
පර්සි අබේසේකර අසමාන මිනිසෙකි.වෙහෙස නොදැනෙන,පරාජය ඉදිරියේ නොසැලී නැවත නැගිටින බව විශ්වාස කරන ක්‍රීඩා පිටියට යන නරඹන්නා ක්‍රිකට් එපා විය හැකි සාධක හමුවේ දිගටම ක්‍රිකට්මය උනන්දුව වෙනුවෙන් බැද තබන අපූරු රසවතෙකි.නැණවතෙකි.සමහර විට තරග දිනවන ප්‍රෙක්ෂකයකි.

ඔහු ගැඹුරු හදාරන්නෙක් බව සමහර සිදුවීම් පසක් කරන්නේය.ඇතැම් විට විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ චින්තනයේ හැඩරුව ඔහු එන්නට පෙර හදාරා අවසන්ය.ඒ සිතුවිලි ශරීරයේ පෑරිය හැකි සංවේදී තැන්වලට ඔහු කුමන හෝ රංගනයකින්,සුළු වචන කිහිපයකින් දමා ගසා මානසිකත්වය පළුඳු කරන්නේය.ඒවා ශ්‍රී ලංකාවට ජය ලැබීම සඳහා මඟ සකස් කළ අවස්ථා ගැන කතා පොකුරු ය.

අසාරුදින්ට මැතිරීම වැනි කතා ද,මාටින් ක්‍රෝ තමන්ගේ අසාර්ථකවීමට පර්සි හේතුවක් බව කීම ද එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කතාය.සමහර විට ක්‍රිකට් කණ්ඩායමේ පිටියේ සිටි නොපෙනෙන දොළොස්වැන්නා පර්සි විය.;කාලයක තමන්ටම හරියන දිරිගන්වන්නන් තනා ගන්නන් සකසා ගන්නට ඇතැම් ක්‍රිඩකයන්ට ඕනෑ විය.නමුත් කණ්ඩායමට සිටිය දිරිගන්වන්නා ලෙස පර්සි ඉක්මවා යන්න ඔවුන්ට නොහැකි විය.

කොඩිය රැඟෙන දිවීම සහ වැනීම හැර පර්සිගෙන් ගත යුතු බොහෝ දේ ඔවුන්ට මඟ හැරී තිබිණ.විශේෂයෙන් දැනුමය.පසුව ආ පිරිස් පර්සි හැසිරීම් අනුකාරකයන් වූවා මිස පර්සි මෙන් හදාරන්නන් වූයේ නැත.ඒ අඩුව තදින්ම දැණින.වෙනත් රැකියා අවස්ථාවන් දී ඔවුන්ට වඩා හොඳ ජීවත්වීමක් පෙන්නා දෙන්නට අවස්ථාව තිබුණත් පර්සිට තිබුණ හොඳම ජීවිතය ක්‍රිකට් පිටියේ ම තිබිණ.

මේ සියල්ල කළ හැකි කාලය ඉක්මෙන්නේය.වියපත්ව අතපය වලංගු නැති මොහොතකට පැමිණෙන්නේය.එවිට ළඟ සිටින්නේ සහ තමන්ව ජීවත්වන බව සිහි කරන්නේ ලෙඩ රෝගවලින් ඇති කරන වේදනාවන්ය.එවැනි අවස්ථාවල සොඳුරු මතක මිස තමන් මැවූ සොඳුරු ලෝකයේ කිරුළු පළන් රජවරු ද,ඉන් වින්දනය ලැබූ මිනිසුන් ද පැමිණ කෘතවේදීව දුකසැප හොයන අවස්ථා විරලය.

නමුත් ඉන්දීය ක්‍රිඩක මොහොමඩ් සිරාජ් සිය හැකියාවට පදනම් වූ සහ තම කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණයකින් කෙළවර කරන්නට හැකි අයුරෙන් තණනිල්ල වැස්සෙන් සුරැක තරග වඳින්නට හැකි මට්ටමට ගෙනා ක්‍රීඩාංගණ සේවකයන්ට තම ත්‍යාග මුදල පරිත්‍යාග කඛල අයුරෙන්ම ඉන්දීය නායකයා ද පර්සිව බලන්නට ඔහුගේ නිවහනට ගොස් තිබෙන අයුරු අපි දුටුවෙමු.ඒවා අගය කළ යුතු ඒවාය.හොඳම කාර එක හොයන ක්‍රීඩක සල්ලාපයට වඩා හදවතට ආදරය දැනෙන ගෞරවය ගෙනෙන සිදුවීම් ය.ලන්සල් පල්ලි හදනවාට වඩා හදවතේ දෙවිවරු බුදුවරු ලෙස මිනිස්සුන්ට දැනෙන සිත තෙත් කරන සුළු සිඳුවීම්ය.
මේ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද පර්සි බලන්නට නිවසට ගොඩව ඔහු වෙනුවෙන් මිලියන පහක මුදලක් පරිත්‍යාග කරන්නට යෙදීම වචනවලින් කිව නොහැකි මිල කරන්නට බැරි තරමේ සත් ක්‍රියාවක්ය.පර්සි ක්‍රීඩකයෙක් තරමටම පරමාදර්ශි චරිතයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හැමදාම රැඳෙන සහ රැදෙන්නට අවශ්‍යය චරිතයක්ය.ක්‍රිකට් හෝ ක්‍රීඩා ඉතිහාසයට පුද්ගලයන් සහ විවිධ දේ ඇතුළත් විිය යුතතේ ඊට අවශ්‍යය සාධකවල ශක්තියේ ප්‍රමාණයටය.බොහෝ විට නමුත් ඉතිහාසය සැරසෙන්නේ වෙනත් පවතින බලය සහ බලයේ කැමත්ත මතය.නැතිනම් බලය වටා රොක් වී සිටින කේවට්ටයන්ගේ රුචි අරුචිකම් මතය.

ඒත් හදවතින් හදවත යාව සදාකාලිකව ක්‍රිකට් වංශ කතාවේ සුරැකිව තැබිය යුතු දිරි ගන්වන්නාගේ පරමාදර්ශී චරිතය හැටියට ශ්‍රී ලංකා ක්‍රික්ට පර්ස්ව සොයා යාම සහ ගරු කිරීම මිලියන පහකට වඩා ටටින ක්‍රියාවකි.

පර්සි ක්‍රිකට් වංශකතාවේ නොමියෙන චරිතයකි.නම පමණක් නොව රුව ද තව කාලයක් මේ පොළවේ පැවතිය යුතුය.අපි පර්සිට දීර්ඝායුෂ පතමු.නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.!

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan