සංගීත රාවයේ නව නිපැයුම ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් සොයාගත් ත්‍රිකෝණය

රත්නපාල ගමගේ (ස්විස්ටර්ලන්තයේ සිට)

ස්විට්සර්ලන්තය (LNW): තරුණ තරුණියන්ට ආදරය ස්වභාව දහමින්ම නියමිත මාත්‍රාවකි. එහෙත් එය වැඩිහිටියන්ට අකැප වස්තුවකි. එනිසා පැරැන්නන් ගීතවලට ඇති කළේ ආලේ වැනි තේමා යොදාගනියි. අපූරු නාට්‍ය රඟදක්වයි. වර්තමානයේත් සමහරු එසේ කරති. භාතිය සන්තුෂ්ගෙන් ද ඇතිකළේ ආලේ තේමාව යටතේ ආදරණීය ගීතයක් නිර්මාණය කර තිබුණි. එම ගීතය ඩ්‍රීම්ස්ටාර් තරඟයට ඉදිරිපත් වී සිටින තරුණයකුගේ මුවින් ගැයෙද්දී පසුබිමේ සිට කෝරස් හඬ මුසුකරමින් සිටි තරුණිය වේදිකාවට කැඳවා කළ රංගනයෙන් පසු කාගේත් කථාබහට ලක්වූයේ මේ හුරුබුහුටි තරුණියයි. ඇය සෙව්වෙමු. ඇය සඳසි මෙත්මන්ති ය. පදිංචිය කඩවත, ගෝනහේනේය.

ඩ්‍රීම්ස්ටාර් නිෂ්පාදක මණ්ඩලය අළුතින් සොයාගත් ගායකයන්ට අමතරව මේ මොඩලයෙන් ප්‍රථම වරට සොයාගත් නවීනතම උපාංගය වේ. එය ඉතා හොඳ නිර්මානාත්මක පියවරකි. එහි මූලාරම්භය සොයන විට ඇය තමන්ගේ ප්‍රණාමය පුදකරන්නේ ඩ්‍රීම්ස්ටාර් තරගයට ඉදිරිපත්වී පරාජය ලැබ සිටින තරුණයෙකුට ය.

ඔහු විජේකුලසූරිය නම් වේ. ඔහු ගීත ගයද්දී පසුබිමේ කෝරස්වලට සහභාගිවූ මෙම තරුණිය සහ තරුණයන් දෙදෙනා නිෂ්පාදක මණ්ඩලයේ නෙත ගැටුණි. නිෂ්පාදක මණ්ඩලය ඔවුන්ට නියමිත කළු ඇඳුමත් සමඟ නියමිත ස්ථානයක් වෙන්කර දුන්නේ අවශ්‍ය අයට ඔවුන්ගේ සහාය ලබා ගැනීමටය. ඇයි කලේ ආලේ ගීතය ගැයෙන්නේ ඒ වටාපිටාවත් සමඟ නිසා සඳසිගේ සහභාගිත්වය කැපී පෙනුණි. ඉන් පසුව ඇය තවදුරටත් ජනතාව අතරට ගියේ අවිස්ක පෙරේරා නැමැති ආධුනික තරුණයා ගැයූ ගීයකට පසුබිමේ සිට “අයි ලව් යූ උම්මා” යන පාඨය ඇගේ මුවින් නිකුත්වීමත් සමඟය. සංගීත ලෝකයේ ඩ්‍රීම්ස්ටාර් වේදිකාව තුළ ඇය අතිෂය ජනප්‍රිය මට්ටමකට පැමිණ තිබේ. කලකින් පසුව දැකගන්නට ලැබුණු හොඳ නිර්මාණාත්මක අදහසකට ජීවය ලබාදීම ගැන දෙරණට ස්තුතියි කියන්නේ සංගීත ලැදි ශ්‍රාවක ජනතාව.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...