*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ආශු මාරසිංහ මූණත් වෙනස් කරගෙන බෝතලේට රිංගන්න හදයි !

මහාචාර්ය ආශු මාරසිංහ පහුගිය වතාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණේ ජාතික ලැයිස්තුවෙන්. මේ වතාවේ එජාපය කුජීත වෙන්නම පැරදුණු නිසා එයාට මන්ත්‍රී කෙනෙක් වෙන්න අවස්ථාවක් තිබුණේ නෑ. දැන් එයා ජනාධිපති රනිල්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් නිසා ආයෙත් පාර්ලිමේන්තුව පැත්තේ කරක් ගහන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. කොහොම වුණත් ආශු ආයෙත් මන්ත්‍රී කෙනෙක් වෙන්න මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න තීරණය කරලා ලු.

ආරංචියේ හැටියට නම් එයා මීළඟ මහමැතිවරණයට තරග කරන්න අදහස් කරගෙන ඉන්නේ මීරිගම ආසනයෙන්. හැබැයි දැනටමත් ඕක නිසා කේස් එකක් වැටිලා ලු.

ප්‍රශ්නය වෙලා තියෙන්නේ මීරිගම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයින් වුණු සේනානායක පරම්පරාවේ ආසනයක් වීම. පරම්පරා උරුමය අනුව ගත්තොත් දැනට සක්‍රිය දේශපාලනයේ යෙදිලා ඉන්න අයගෙන් ඒ ආසනයේ උරුමක්කාරයා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන. රුවන්ගේ තාත්තා, ඒ කියන්නෙ විජය පුවත්පත් සමාගමේ හිමිකරු වන රංජිත් විජේවර්ධන මෑතකදී සේනානායක පරම්පරාවට අයිති බෝතලේ වලව්වත් මිලදී අරන් තියෙනවාලු පුතාගේ දේශපාලන ඉදිරි ගමන වෙනුවෙන්.

එහෙම තියෙද්දී බෝතල් අස්සේ කුප්පි ගහන්න යනවා වගේ ආශු මාරසිංහත් ඔය ආසනේට රිංගන්න තීරණය කරපු එකෙන් දැනටමත් ලොකුවටම ආරෝවක් පටන් අරන් ලු.

ආශු මාරසිංහ පහුගිය ටිකේ සුනඛ සීන් එක්කින් හොඳටම නාගත්තා මතකයිනෙ. ඉතින් ඡන්දයක් ඉල්ලන්න කලින් ආශුට තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනෙ වෙලා ලු. ඒ වෙනුවෙන් අලුත් පරපුරේ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සේවය ලොකු මුදලක් ගෙවලා අරගෙන කියලාත් ආරංචියි. ආශු මේ රූපලාවන්‍ය ශිල්පියාට කියලා තියෙන්නේ සුනඛ වීඩියෝවේ තියෙන තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තරුණ පෙනුමක් ලබාදෙන්න කියලා ලු. ඉතින් දැන් ආශු කොණ්ඩයයි රැවුලයි වෙනස් කරගෙන ඉන්නේ.

ආශුට තව මයිකල් ජැක්සන් වගේ සුදු වෙන්න ඕනෙ කියලාත් කියලා ලු. ඒ වෙනුවෙන් සිංගප්පූරු ගිහින් සැත්කමක් කරගන්න වුණත් තමන් සූදානම් කියපු ආශු “මට සල්ලි ප්‍රශ්නයක් නෑ, මගේ පෙනුම වෙනස් කරලා දෙන්න” කියලාත් කිව්වා කියලා ආරංචියි ඕං ….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan