ඉටුවන කොරියානු රැකියා සිහින

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොරියානු රැකියා සහ කම්කරු අමාත්‍ය ලී ජුන්ග්-සික් කියා සිටින්නේ, වත්මන් ආර්ථික හා සමාජීය වෙනස්කම්වලට අනුව කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති අතර , එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දී ඇති රැකියා කෝටාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.

කොරියානු කම්කරු අමාත්‍යවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල සහ විශේෂිත සේවා ක්ෂේත්‍රවල පවතින අවස්ථා පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකා කොරියානු රැකියා කෝටාව වැඩි කිරීමට එය වඩාත් උපකාරී වන බව කිව යුතුය.

කොරියානු රැකියා සහ කම්කරු අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින්ට කොරියානු භාෂාව ඉගැන්වීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) සහ අනෙකුත් සහයෝගීතා වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා නව රැකියා අවස්ථා විවෘත කිරීමට සහ ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන රැකියා ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට කොරියානු රජය සහතික වී ඇති අතර, කොරියානු කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්-සික් සහ අමාත්‍ය මනූෂ නානායක්කාර අතර අමාත්‍යාංශයේදී පැවති නිල හමුවෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ආරාධනයෙන් කොරියානු අමාත්‍ය ලී ජුන්ග්-සික් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වසර 20කට පසු දකුණු කොරියාවේ රැකියා සඳහා විදේශිකයන් බඳවා ගන්නා EPS ක්‍රමය සංශෝධනය කරන බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික රැකියා අපේක්‍ෂකයන්ට කොරියාවේ රැකියා කිරීමට වැඩි අවස්ථා ලැබෙන බවත් කොරියානු කම්කරු ඇමැතිවරයා නානායක්කාර ඇමැතිවරයාට පවසා ඇත.

නිෂ්පාදන අංශය යටතේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව දැනට කොරියානු රැකියා වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින 600 දෙනෙකු නැව් ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා යොමු කිරීමට ද එකඟ වී තිබුණු අතර මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු කල් ඉකුත් වන වෙබ් අඩවි ලියාපදිංචි රැකියා අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය ලැබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව නිෂ්පාදන අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශයට රැකියා කාණ්ඩය මාරු කර මෙම රැකියා ලබාදීමට නියමිත අතර නිෂ්පාදනයේ සිට නැව් තැනීමේ කර්මාන්තය දක්වා තම රැකියා කාණ්ඩය වෙනස් කිරීමට කැමති අපේක්ෂකයින් හැකි ඉක්මනින් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවද ඔහු පවසා ඇත.

ලබන වසරේ සිට E9 වීසා කාණ්ඩය යටතේ නැව් තැනීමේ ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා වෙල්ඩින් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ද එකඟ වී ඇති බව අමාත්‍ය නානායක්කාර මහතා සඳහන් කර සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...