ෆේත්ගේ විශ්වාසය අහෝසි කළ ගුඩාප් ටෙසගේ

Date:

මෑත කාලයේ මලල ක්‍රිඩා ලෝකය ෆේත් කිලිගොන් දෙස බලා සිටියේ මැදි දුර සහ සුර දිවීම අතර තිබෙන ඉසව් කිහිපයකට ලොව පහළ වූ සුවිශේෂීම ක්‍රිඩිකාව ලෙස පිළි ගනිමින්ය.නමුත් ඉයුජින් හී දි මීටර් 5000 ඉසව්වට නිපිගේන දක්වා තිබූ විනාඩි 14:05.20 ක් වූ ලෝක වාර්තාව තත්පර 5 කින් අභිබවා යන්නට ඉතියෝපියාවේ ගුඩාප් ටෙසගේ සමත් වූවාය


ටෙසගේ දක්ෂ දුර දුවන්නියක් ලෙස අවිවාදිතය.නමුත් මේ වන විට තරගකාරී මට්ටමක පවතින මලල ක්‍රීඩාව අතරේ ජයග්‍රහණ ලෝක වාර්තාවන්ගෙන් සීමා වන්නේ නැත.ලෝක වාර්තා වෙනස් වන අතරේම ජයග්‍රහණ වාර්තා නැතුව වුව එකිනෙකාට බෙී යන මට්ටමට තරගකාරීය.ඒ මට්ටමේ දී මෙවර බුඩාපේස්ට් හී පැවති ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී කාන්තා මීටර් 10000 දෙස ලෝකයම බලා සිටියේ ගුඩාප් සහ නෙදර්ලන්තයෙන් තරග බිමට පිවිසෙන සිෆාන් හසන් අතර ද්වන්ද අරගලයක් නැරඹීටය.


මේ ද්වන්ද අරගලයේ දී අවසාන මොහොතේ ඉදිරියෙන් සිටි සිෆාන්ව පසු කරමින් ගුඩාප් ඉදිරියට එන මොහොතේ,සිෆාන් සමබරතාවය ගිලිහී ධාවන පථයේ ඇද වැටෙන්නේ අවාසනාවන්ත ආකාරයටය.මේ නිසාම ජයග්‍රහණය වගේම ලෝකයේ අවධානය ඒ සිඳුවීම හරහා ද කාන්තා මීටර් 10000 ට යොමු විය.
ඉයුජින් හී මිටර් 5000 ඉසව්ව දෙස ද ඒ නිසා බලා සිටියේ ගුඩාප් සම්බන්ධයෙන් විශ්වාසයෙන්ය.ජයගනු ඇතියි බොහෝ දෙනා සිතා සිටියත් සිෆාන් හසන් හෝ ලෝක වාර්තාලාභිණිය දුර සහ මැදි දුර විශ්වාසය බවට පෙරැලී සිටින ෆේත් කිපිගොන් ද නොසිටිය බැවින් තරගය එතරම් වේගවත් නොවෙනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.


එහෙත් ඒ සියල්ල බොරු කරමින් තරගය වේගවත්ය පෙරට ඇඳගෙන යාමට ඉතියෝපියානු සහ කෙන්යානු ක්‍රීඩිකාවෝ උත්සාහ ගත්හ.මේ නිසාම ගුඩාප් එම වේගය කළමණාකරනය කරමින් විශිෂ්ඨ ධාවනයක යෙදුණේ ෆෙත්ගේ විශිෂ්ඨත්වයට අභියෝග කරමින් ඇය සතු ලෝක වාර්තාව විනාඩි 14:00.21 දක්වා විශ්මිත ලෙස ඉදිරියට ගෙන එමින්ය.


දැන් ගුඩාප් නව ලෝක වාර්තාවේ හිමිකාරිය වුව ද,මේ ධාවන පථයේ ෆේත් සිටියේ නැත.එසේම සිෆාන් මිටියේද නැත.නමුත් කෙන්යාවේ චෙබෙට් බ්‍රියටීස් ෆේත් තබා තිබූ ලෝක වාර්තාව ආසන්නයට එමින් විනාඩි 14:05.92 දී තරගය නිම කළාය.ඒ නිසා අනාගතය කුමක් වේ ද යන්න කියන්නට නොහැකිය.ලුඩාප් අති විශිෂ්ඨය.නමුත් එවැනි විශිෂ්ඨයෝ නිසා නිතර වෙනස්වන වාර්තාවන් ඊටත් වඩා අති විශිෂ්ඨය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...