*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රට තිබෙන්නේ හොරු අතේ නම්, අපි කොපමණ දුක් වින්දත් වැඩක් නැහැ – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිස්ත්‍රික් පුරා ගොවිජන සමුළු පවත්වමින් ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් ගොවිජනතාව පෙළගස්වනවන බවත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනතාවාදී පාලනයක් පිහිටුවීම දක්වා අඛණ්ඩව ක්‍රියාකරන බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

වැඩිදුරටත් අදහස් දක්වන අනුර කුමාර දිසානායක මහතා ,

” ලෝකයේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවට යහපත් ජීවිතයක් ගත කළ හැකි ආදායමක් ලැබෙනවා. අපේ ගොවි ජනතාවට වතුර ඉල්ලා, නිසි යෙදවුම් ඉල්ලා, සතුන්ගෙන් බෝග ආරක්ෂා කර ගන්න, නෙළා ගත් අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා, පාරට බහින්න සිදුවී තිබෙනවා. විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දී ඒවායින් මිදීමට අරගල කර, පාරට බසින ජනතාවගේ ජීවිත විශාල වශයෙන් කඩාවැටී තිබෙනවා. අපි මෙපමණ කල් පාරට බැස උද්ඝෝෂණ කළා මදිද? අපි ඔබෙන් ඉල්ලන්න ආවේ මෙපමණ කල් ගෙනගිය උද්ඝෝෂණවලට අමතරව පොදු ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ක්‍රියා කළ යුතු බව අවධාරණය කරන්නයි, මෙතනට ආවේ. වී, කෙසෙල්, කොමඩු, සෝයා බෝංචි වගේ බෝග සිටුවා කිසිලෙසකින් ජීවිත පවත්වාගෙන යාමට නොහැකි වූ තැන දැන් අලුතින්ම කුඹුරේ පොකුණු ඉදිකර මාළු ඇතිකිරීමට පටන්ගෙන තිබෙනවා. ගොවි ජනතාව මේ ව්‍යසනයෙන් මිදීමට නොකළේ මොනවාද? නමුත් ගොඩ ආවේ නැහැ. අන්තිමේ මේ ව්‍යසනයෙන් ගොඩ එන්න ආණ්ඩු මාරු කළා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව වෙනුවට රනිල්ගේ ආණ්ඩුවත්, රනිල්ගේ ආණ්ඩුව වෙනුවට මහින්දගේ ආණ්ඩුවත් ගෙනාවා. ගිරුවාපත්තුවේ කුරහන් තලප කෑ ගොවියෙක් ගෙනල්ලා, හරි ගියේ නැහැ.

දැන් ගොවි බිරිඳ රට යවන තත්වයට පත්වී සිටිනවා. ගේ හදාගන්න, දරුවාට උගන්වන්න, වාහනයක් ගන්න බලාගෙන විදේශ රැකියාවලට යැව්වා. නමුත් ගේ හදලා තියෙන්නෙ බාගෙට. ආරක්ෂාව නැතිව දරුවන් විනාශ වුණා. බේබදුකමට ඇබ්බැහි වී සැමියාගේ ජීවිතය අහිමි වුණා. මුළු ජීවිතයම කඩා වැටුණා. ඒ වගේම වකුගඩු රෝගීන් බවට පත්වුණා. මේ පාලක කණ්ඩායම් විසින් ගොවි අම්මා තාත්තාගේ ජීවිතත් දරුවන්ගේ ජීවිතත්, මුළුමනින්ම විනාශ කර දැම්මා. ඒ නිසා අපේ ගොවිතැනත්, අපේ දරුවොත් අපේ ජීවිතත් පාලක කණ්ඩායම්වල ව්‍යසනයට තවදුරටත් ගොදුරු වෙන්න ඉඩදී ඉවසා සිටිනවාද? ගමේ ජනතාව රැවටිය හැකි බව මේ පාලකයන් කල්පනා කරනවා. කාලේ බෝතලේට, බත් පැකට් එකට, සිමෙන්ති කොට්ට දෙකට, වැසිකිළි පෝච්චිවලට, ජනතාව රවට්ටන්න පුළුවන් කියලා ඔවුන් කල්පනා කරනවා. ගිය අවුරුද්දේ 3406ක් සියදිවි හානි කරගෙන. ඒ අතර, දේශපාලකයෝ, ජාවාරම්කරුවෝ, ආණ්ඩුවත් එක්ක හොරකම් කරන අය, කිසි කෙනෙක් නැහැ. ණය ගෙවාගන්න බැරිව වැඩිම සියදිවි හානිකර ගැනීම්, ආදායම් නැතිව සියදිවි හානි කර ගැනීම් සිදුවෙනවා. යුද්දෙදීවත්, අවුරුද්දට මිය ගියේ නැති ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම් තවත් 15,000ක් – 20,000ක් පමණ වෙනවා.

මේ රටේ ඡන්ද දශලක්ෂ ගණන් තිබෙන්නේ ගම්වල. නගරයට වඩා ඡන්දය තිබෙන ගම්වල ජනතාව පොඩි දේවල්වලින් රැවැට්ටිය හැකි යැයි ඔවුන් කල්පනා කරනවා. මේ රට ව්‍යසනයට පත් කළ, පට්ට හොරෙක් වන මහින්දගේ පින්තූර ගම්පුරා ඇලෙව්වා. අදත් හිතාගෙන ඉන්නේ රූපය පෙන්නලා හරි සාරි, සිමෙන්ති කොට්ට බෙදලා හරි, මේ ජනතාව රවටන්න පුළුවන් කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, මතක තබාගත යුත්තේ අද තිබෙන්නේ එදා ගම නොවෙන බවයි. ජනතාවගේ කැකෑරෙන වේදනාව මහින්දගේ පඹයන් පුච්චලා ප්‍රකාශ කර තිබෙනවා. තමන්ට තිබෙන ප්‍රශ්න පාලකයන් හදපු ඒවා බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. අපේ ගම්වල ජනතාවගේ ජීවිත, අනාගතය නැති කළ පාලක කණ්ඩායම් පළවා හැර, ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුවක් බිහිකරන්න අපි පෙළගැසෙන්න ඕනෑ. මේ රටේ ජනතාව ණය උගුලක හිරකර ආත්මගරුත්වය නැති කර තිබෙනවා වගේම, ලෝකය ඉදිරියේ අපේ රටේ ආත්මගරුත්වයත් නැතිකර හිඟමනයට පත්කළ රටක් හැටියට අද තිබෙන්නේ. ලෝකයේ කිසිම රටක් අපේ රට පිළිගන්නේ නැහැ.

යල – මහ දෙකන්නය හොඳින් වගා කළ අපේ රටේ ගොවි ජනතාව සිදුකළ වැරැද්ද මොකක්ද? රෑ නිදි නොලබා බව භෝග වගාකර රැකගනිමින් මේ රට දියුණු කරන්න කැපවී තිබුණත් රට දුප්පත්වීමේ හේතුව මොකක්ද? රට තිබෙන්නේ හොරු අතේ නම්, අපි කොපමණ දුක් වින්දත් වැඩක් නැහැ. බැසිල් රාජපක්ෂ කීවේ කම්මැලි ගොවියන් වැස්ස එන විට වට්ටක්කා ඇට විසිකර ඇවිත්, අස්වැන්න නෙළන කාලයේදී ආණ්ඩුවට කරදර කරන බවයි. මේ විදිහට අපහාස කිරීම් මැද ජනතාව එකතු වී නිෂ්පාදනය කරන ජාතික ධනය, අතළොස්සක් විසින් පොදි බැඳ ගැනීම වෙනස් කරන්න ඕනෑ. මේ රට පොහොසත් කරන්න, හොරු ටික එළවන්න ඕනෑ. රනිල්ට හොරා කියලා මහින්දලා කීවා. මහින්දලා හොරු කියලා රනිල්ලා කීවා. අද ඒ දෙගොල්ලෝම එකට ඉන්නේ. මේ රට හදන්න නම්, එක අත්තේ වහලා ඉන්න ඒ හොරු එළවලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න ඕන”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසූවේ ඊයේ (18) දින ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan