මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ගැන වජිරගේ සැකය!

Date:

කොළඹ LNW:පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා බංකොලොත් රජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ පුද්ගලයන් සම්බන්ධයෙන් රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බැලිය යුතු වන අතර රාජ්‍ය බුද්ධි අංශ ද ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් 12 වැනිදා වන විට චීනයට ගෙවීමට තිබුණේ ඩොලර් මිලියන 70ක් වන බවත් එය දෙසැම්බර් දක්වා ගෙවීමට අවස්ථාව තිබුණ බවත් හෙතෙම කියා සිටියි.

එවැනි පසුබිමක, ”2022 ගෙවන්න තිබුණේ සමස්ත ණය රුපියල් බිලියන හතයි දශම දෙකයි. අප්‍රේල් වනවිට ඉන් ඩොලර් බිලියන තුනයි දශම දෙකක් ගෙවලා තිබුණා. මෙවැනි තත්ත්වයක් තිබිය දී කඩිමුඩියේ මුදල් ඇමැති ඉල්ලා අස්වෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒ අතරේ විදෙස් රටක සිටි අධිපතිවරයෙක් රටට සැපත් වෙනවා. ඔහු රට බංකොලොත් කියලා ප්‍රකාශ කරනවා. ඒක ඔහුට අයිති නැති රාජකාරියක්. ඒත් එය සිදුවී තිබෙනවා.” යනුවෙන් අබේවර්ධන මහතා පවසයි.

”මේ කමිටුව විසින් සොයා බැලිය යුත්තේ මේ රට බංකොලොත් කියල නිවේදනය කරන අවස්ථාවේ එම ස්ථානවල සිටියේ කොයිවගේ පුද්ගලයන් ද කියලා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂී ස්ථානවල ප්‍රතිලාභ ලැබුවද කියලා සොයා බැලිය යුතුයි. කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම්වලට යටවෙලා ඩොලර් මිලියන 70ක ට රට බංකොලොත් කීම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඉන්න පුද්ගලයන් දෙස රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ඒ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා. මහජන නියෝජිතයෝ 100කගේ පමණ ගෙවල් ගිනිබත් වුණා. එසේ වීමට ප්‍රධාන කාරණය අදාළ බලධාරීන් පාලනය නොකිරීමයි. බිලියන 7.2 කින් බිලියන 3.2 ක් ගෙවලා තිබිය දී රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ ලෝකයෙන් නෙවෙයි. ඒ නිවේදනය කළේ මහ බැංකුව මගිනුයි. මෙය ව්‍යවස්ථාවට අනුවත් එය උල්ලංඝනය කිරීමක් වෙනවා” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...