කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සාර්ථක වැඩක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී ,අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය සිදුවිය.

6% ක වාර්ෂික පොලී අනුපාතයක් මත වසර 3ක ගෙවීමේ කාල සීමාවකට යටත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 ක් වෙනුවෙන් මිලියන 6.5 ක මුදලක් පළමු අදියරේ දී ප්‍රදානය කිරීමට නියමිත වන අතර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ඔවුන් බලාත්මක කරවන 1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත ප්‍රකාරව ‘අවුරුදු 54 කට පසුව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන්’ කර්මාන්ත සංවර්ධන අරමුදල පසුගියදා ක්‍රියාත්මක කළ ‘ ජාතික කර්මාන්ත සතියේ ‘ BMICH හි දී පැවති Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ දී රුපියල් මිලියන 10ක ආරම්භක ශේෂයකින් නිල වශයෙන් ආරම්භ කළේය.

මේ වන විට රුපියල් මිලියන 15 ක් දක්වා වර්ධනය වී ඇති එම කර්මාන්ත සංවර්ධන අරමුදල ලබන වසර වන විට රුපියල් බිලියනයක් දක්වා වර්ධනය කිරීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ අපේක්ෂාව බවත්, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ලබන වසර වන විට සියළුම ක්ෂුද්‍ර , සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාගත හැකි වන පරිදි කර්මාන්ත සංවර්ධන අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්‍ ය.

අමාත්‍යවරයා එහිදී , ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සිදුකරන කාර්ය භාරය වෙනුවෙන් මෙහි දී සිය ස්තුතිය පළ කිරීමටද අමතක කළෙ නැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...