ඇමෙරිකාවේ ශ්‍රී ලංකා දිනය

Date:

අශෝක ජයතුංග

සැප්තැම්බර් 20 වොෂින්ටන් LNW :

“ශ්‍රී ලංකා දිනය 2024” වොෂින්ටනයේ දී මහ ඉහළින්.

ඇමෙරිකාවේ “ශ්‍රී ලංකා එසෝෂියේෂන් ඔfප් වොෂින්ටන් DC” සංවිධානය වාර්ෂිකව පවත්වන “ශ්‍රී ලංකා දිනය 2024” මෙවරද ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේරිලන්ඩ් සිල්වර්ස්ප්‍රින් හිදී පැවැත්වින.

1961 අරඔා ඇති මෙම සංවිධානය ඇමෙරිකාවේ  පැරණිතම ලාංකීය සංවිධානය වේ. වොෂින්ටන් තානාපති නිළ බලයෙන් එහි ප්‍රධාන අනුශාසක වන අතර වත්මන් සභාපති නුවන් ධර්මබන්දු, ලේකම් මනෝරි ද සිල්වා, උපසභාපති කාවින්දි වීරවත්ත, භාණ්ඩාගාරිකයන් වන හලීමා නූර් හා චමිල් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු සාමාජික පිරිස උත්සවය සංවිධානය කළහ.

මේරිලන්ඩ් නියෝජ්‍ය ආණ්ඩුකාර අරුණා මිලර් හිටපු කොංග්‍රස් සභික ජෝන් ඩිලේනි හා ලබන නොවැම්බරයේදී කොංග්‍රස් මණ්ඩලයට මෙිරිලන්ඩ් ප්‍රාන්තයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කරන ඒප්‍රිල් ඩිලේනි හා තානාපති මහින්ද සමරසිංහ මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස  ඊට එක්වූහ.

පිරිමි හා කාන්තා ක්‍රිකට්, දැල් පන්දු, ධාවන තරග හා සියලු ජාතීන්ට අයත් සංස්කෘතිකාංග ඇදුම් පැළදුම් ඉදිරිපත් කෙරිණ. ඉන්දික අත්තනායක ගේ “සිලෝන් බෙර” චතුරි වික්‍රමාරච්ච් ගේ “නටමු ස්කුල් ඔfප් ඩාන්ස්” හා වරුණි ගුණතිලකගේ “ලංකා ඩාන්සිං ඇකඩමිය” විසින් ඉසව් රැසක් ඉදිරිපත් කෙරින.

සීත සෘතුවේ ආබාධ වළකන එන්නත හා ඇස් පරීක්ෂාවෙකින් පසු නොමිලේ කණ්නාඩි  සැපයින. කොළකැඳ හා   ලාංකීය ආහාර පාන ඇදුම් ආයිත්තම් වලින් පිරිණු වෙළෙඳ කුටි රැසක් ද විවෘතව තිබිණ. තානාපති කාර්යාලය විසින් සියලු දෙනාට ලංකා තේ වලින් නොමිලේ සංග්‍රහ කෙරිණ.ලංකාවේ ඈත පාසල් වලට පොත් හා පාසල් උපකරණ ලබා දීම හා ලංකාවට නොමලේ ඇස් කණ්නාඩි ලබාදීම  අඛණ්ඩව පවත්වාගෙන යන බවද “ශ්‍රී ලංකා එසෝෂියේෂන් ඔfප් වොෂින්ටන් DC” සංවිධානය එහිදී අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...