ඡන්ද විමසීමේදී වලංගු හැඳුනුම්පත් / අනන්‍යතා ලේඛන ගැන මැ.කො. නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (21) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වලංගු අනන්‍යතා ලේඛන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ ලැයිස්තුව පහතින් දැක්වෙන අතර මේ එකක් හෝ හරහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
වලංගු විදේශ ගමන් බලපත්‍රය
වලංගු රියදුරු බලපත්‍රය
රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත( විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රාදේශීය ලේකම් කාඒයාලය විසින් නිකුත් කළ)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය / පූජක හැදුනුම්පත
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඉහත සඳහන් ලේඛන හැර සේවා ස්ථානවලින් නිකුත් කර ඇති ඡායාරූප සහිත හෝ රහිත වෙනත් කිසිදු හැදුනුම්පතක් වලංගු නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...