ජනාධිපතිවරණයට දිනයක් තිබියදී බැසිල් රටින් යයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගත වූ බව වාර්තා වේ.ඒ ජනාධිපතිවරණයට දිනයක් තිබියදීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාරග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර, ඔහු ගමන් කර ඇත්තේ තනිවමය. රාජපක්ෂ මහතා , හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමෙන්තු මන්ත්‍රි සංජීව එදචිරිමාන්න සහ ජයනත කැටගොඩ ද සමඟ ගුමන් තොටුපළට පැමිණි බව වාර්තා වේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේද සැලකිය යුතු කාර්ය භාරයක් කළ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ විදෙස් ගත වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...