ජනාධිපතිවරණයට දිනයක් තිබියදී බැසිල් රටින් යයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගත වූ බව වාර්තා වේ.ඒ ජනාධිපතිවරණයට දිනයක් තිබියදීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාරග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර, ඔහු ගමන් කර ඇත්තේ තනිවමය. රාජපක්ෂ මහතා , හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමෙන්තු මන්ත්‍රි සංජීව එදචිරිමාන්න සහ ජයනත කැටගොඩ ද සමඟ ගුමන් තොටුපළට පැමිණි බව වාර්තා වේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේද සැලකිය යුතු කාර්ය භාරයක් කළ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ විදෙස් ගත වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...