රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):
වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (20) දිනයේ දී සටහන් වූයේ රුපියල් 790,095 ක් ලෙසයි. එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,084 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,870 ක් ලෙසත්,
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,550 ක් සහ රුපියල් 24,390 ක් ලෙසත්,
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 223,000 ක් ලෙසත්,
කැරට් 22 පවුමක් රුපියල් 204,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,100 ක් ලෙසත් සඳහන්ව තිබුණි.

