*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

අද (20)දින තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩලය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්විණි.

එහිදී, පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් යොමු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ එහි ප්‍රමුඛ අංගයක් බවත් සඳහන් කළේය.

රටවල් 20කට අධික ජාලයක් සමඟ සම්බන්ධ G20 සංවිධානයෙහි තරුණ ව්‍යවසායක සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මේ වන විට තමන්ට හැකි වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති විවිධ ව්‍යවසායක සංවර්ධන ව්‍යාපෘති සඳහා KPMG සහ PMI වැනි සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කියා සිටියේය.

එසේම ආරම්භක අදියරේ පවතින සමාගම් සහ ව්‍යාපාර සඳහා ලබා ගැනීමට අපහසු ආධාර හා පහසුකම් කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් චෙන්නායිහි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ එක්ව දියත් කිරීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුනි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව යන රටවල  සිටින සිය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව එම රටවල වෙළඳ මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට සහ දේශීය නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට ගෙන යාමට හැකි වැඩපිළිවෙලක්ද තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති බව ඔවුන් ජනාධිපතිවරයා හට පෙන්වා දුන් බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan