බැසිල් රට ගිය හේතුව එළියට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) උදැසන විදේශගත වූ අතර,ඒ මහතා පක්ෂයේ මහ මැතිවරණය කටයුතු මෙහෙයවීම සඳහා ඉතා ඉක්මනින්ම යළි න්ව දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පරීක්ෂණයක් හේතුවෙන් බැසල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ බවයි.

” බැසිල් රාජපක්ෂ මහතාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකලා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුනේ.. වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.” – පොහොට්ටු පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

මේ අතර නාමල් රාජපක්ෂ ගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවද සාගර කාරියවසම් කියා සිටියේය. නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...