ජන්ද ප්‍රතිඵල එන්න කලින් රෝහිතට,පවිත්‍රාට සහ එස්.එම් ට ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට එරෙහිව යමින් ක්‍රියා කළ පක්ෂයේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, භාණ්ඩාගාරික වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන යන අයගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කරමින් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව එම දැනුම් දීමේ ලිපි නිකුත් කර තිබේ.

පසුගිය ජූලි 29 වැනි දින පැවැත්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණයට පිටින් යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම මතයි ඔවුන් සම්බන්ධයෙන් උක්ත තීරණයට පක්ෂය එළඹ ඇත්තේ.

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ක්‍රියාකර තිබෙන සෙසු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ද ඉදිරි දිනවලදී අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...