නවසීලන්කයේ වේග පන්දුවට ශ්‍රී ලංකාවේ දඟ පන්දුවෙන් හොඳ උත්තරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 20 , (LNW) කොළඹ :

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී තෙවන දිනයේ දී මුල් කාර්තුවේම ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 305 ට වඩා විශාල ලකුණු ගණනක යනු ඇතැයි පෙර ලකුණු පෙන්නූ නවසීලන්තය ලකුණු 340 ට දැවී ගියා.නවසීලන්තයේ විලියම් ඔ‘රොරුකේ ගේ ප්‍රමුඛ වේග පන්දු යවන්නන්ගේ ග්‍රහණවය අසුව ලකුණු 305 ක ට සීමා වූ ශ්‍රී ලංකා ඉණිම මෙන්ම,නවසීලන්ත ඉණිම ද ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ ග්‍රහණයේ සිරව ලකුණු 340 ට සීමා වුණේ තෙවන දිනයේ එම කණ්ඩායමට කඩුලු 6 ක ්ම අහිමි කරමින් දෙපිළේම පිතිකරුවන්ට දඟ පන්දුව ගැන සෑහෙන් සාධාරණ බියක් ඇති කරමින්.
විශේෂයෙන්ම නවසීලන්ත ඉණිමේ මුල සිටම කඩුලු පහක් පමණ වන තෙක්ම වැඩි වශයෙන් කඩුල්ලකට ලකුණු 50 හෝ ඉක්මවා යන තත්ත්වයක් දැක ගන්නට ලැබුණා.අර්ධ ශතක තුනක්ම නවසීල්නත ඉණිමේ වාර්තා වුණා.ටොම් ලේතම් 70,කේන් විලියම්සන් 55 සහ ඩැරිල් මිචෙල් 57 අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වූ අතර ග්ලේන් පිලිප්ස් අර්ධ ශතකයක් තරම්ම වටිනා නොදැවී ලකුණු 49 ක් රැස් කරන්නට සමත් වුණා.


ප්‍රභාත් ජයසූරියට නවසීලන්ත පිතිකරුවන් සිව් දෙනෙක් ගොඳුරු වුණා.ඒ ලකුණු 136 ක් ලබා දෙමින්.රමේෂ් මෙණ්ඩිස් ලකුණු 101 ට කඩුලු 3 ක් ලබා ගත්තා.පහතින් දැක්වෙන් තරගයේ මේ දක්වා පැවති දත්තවලට පිවිසිය හැකි දත්ත තොරුතුරුයි.
https://es.pn/3XnPZ2c

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...