රශ්මිකාගේ රශ්මියෙන් නවසීලන්තය දැවී යයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 20, (LNW) කොළඹ :

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගි වන අවුරුදු 19 න් පහළ තුන් කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දායක වුණ රශ්මිකා සෙව්වන්දි පන්දු 19 න් නොදැවී ලකුණු 36 ක් ලබමින් ද,පන්දු යැවීමේදි ඔස්ට්‍රෙිලායුනු මුල් කඩුලු 2 ලකුණු 14 ක් පමණක් දෙමින් දවා ගනිමින් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.


කාසියේ වාසිය දිනූ රනුදි නානායක්කාර තරගය පැවති ඇලන් පෙටිග්‍රෙව් ඕවල් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහර දිමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දු වාර 20 තුළ ලකුණු 148 ක් ලබා ගැනීමට සමත් වුණා.එහිදී ඔවුන්ට කඩුලු 7 ක් අහිමිව ගිය අතර වරඩිම ලකුණු ලාභීණිය වූ රශ්මිතාට අමතරව සංජනා කාවින්දි ලකුණු 30 ක් ද,මනුදි නානායක්කාර ලකුණු 19 ක් ද එක් කරනු ලැබුවා.


නවසීලන්ත පන්දු යවන්නියන් අතරින් අනිකා ඩොට් ලකුණු 20 ට කඩුලු 3 ක් ලබමින් පන්දුවෙන් දස්කම් දැක් වූවා.නවසීලන්ත ඉණිමට වැඩිම දායකත්වය පිත්තෙන් ලබා දුන්නේ එවි වොලන්ඩ්.ඇය නවසීලන්ත මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 79 න් ලකුණු 26 ක ට හිමිකම් කීවා.ශ්‍රී ලංකා දඟපන්දු යවන්නියන්ගේ බලපෑම ඉදිරියේ හිස ඔසවා ගැනීමට නවසීලන්තයට ඉඩක් ලැබුණේම නැහැ.ප්‍රමුදි මෙත්සරා පන්දු ඕවර් 3.3 දී ලකුණු 6 ට කඩුලු 3 ක් ලබමින් නවසීලන්ත මැද පෙළ සහ අග පෙළ විසුණු කර දැමුවා.බට්ටි ලෙස ප්‍රකට චමොදි ප්‍රබෝධාට එකතු වූ කඩුලු ප්‍රමාණය 2 ක් වූ අතර ඇය ඒ වෙනුවෙන් වැය කළේ ලකුණු 17 ක් පමණයි.ලකුණු අශේනි තලගුණේ ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූ අතර සුමුදු නිසසංලා ද කඩුල්ල පිටුපස වගකිව යුතු රාජකාරියක් ඉටු කළා.
https://bit.ly/3TA5gMm

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...