මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

Date:

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිවකු සිඟන්නන් නොවන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ඔබතුමාටත් ඔය වත්කම් බැරකම් ප්‍රශ්න තියෙනවාද ?

“තියෙනවා. මගේ තාත්තා මට දීපු ඉඩම් දෙකක් විතර තියෙනවා. මගෙ නෝනාට හම්බවෙච්ච ඉඩමක් තියෙනවා එයාගෙ තාත්තා දුන්නු. මං හිතන්නෙ එතනත් කෝටි ගාණක් විතර ඇති එහෙම හිතුවාම. (සිනාසෙයි) ඒවා ඔක්කොම හංගන්නෙ නැතිව ඉදිරිපත් කරලා තියෙනවා. මමත් දැන් අවුරුදු 30ක් විතර මේ දේශපාලනයේ පූර්ණ කාලිකව ඉන්න කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි. නමුත් අපි අපේ දේශපාලනය පාවිච්චි කරලා මේ රටේ මහජනතාවගෙන් එක තඹ දොයිතුවක් හොරකම් කරලා අපෙ වත්කම්වලට එකතු කරගෙන නෑ. අපි එහෙම කරන්නෙත් නෑ. ඉදිරියෙත් අපි අපේ රටේ ජනතාවට කියන්නෙ, ඒ දේශපාලන ආදර්ශය අරගන්න. හැබැයි මෙතෙක් මහජනතාවගේ බදු මුදල් ගසා කාලා ඉඩම් ටික හැම එකම නාස්ති කරලා හොරකමට පාවිච්චි කරපු පාලකයෝ අද බයවෙලා කෑගහනවා. ඒකෙ ගෝරනාඩුව තමයි ඔය අපිට ඇහෙන්නෙ. ඒ ගැන අපි හිතන්නෑ රටේ ජනතාව කලබල වෙයි කියලා”

අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) මාකුඹුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...