ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

Date:

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (20) එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සමුළුව අමතමිනි.

”දුෂණයට විරුද්ධව කටයුතු කරනවට අපි කවුරුත් විරුද්ධ නැහැ. අපියි පටන් ගත්තේ. අඩිතාලම දැම්මේ. සමහර තැන්වල දුෂණය මුවාවෙන් ක්‍රියාකරනවා. කොමිසම විතරක් නෙවෙයි CID එකත් ගේනවා. දේශපාලනීකරණයක් වුණා කියල තමයි අපේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කිව්වේ. මෙහෙම විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කරලා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය හදන්ට යන්නේ. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ. මම කියන්නේ අපි මුණ දෙමු මේකට. අපි ඔක්කොම එක මේකක් තියාගමු. ඕන එකකට නායකයාව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු. අපි බය නැතුව ඒ අය එක්ක ඉදිමු. ඒ අය හිතන්නේ අපි බය වෙයි කියල. මේකට යටත් වෙයි කියල. ඒ නිසා තමයි මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඕනේ.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...