ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා ඉන්දියාව පෙර නොවූ අයුරින් ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ද්විපාර්ශ්වික ආධාර වශයෙන් මේ වසරේදී ලබා දී ඇති බව සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පවතින මාණ්ඩලික මට්ටමේ ගිවිසුම් සඳහා ද ඔවුන් එකඟ වූ බවත් , විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුල් ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා මුල් වන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව විසින් දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට හැකි සෑම ආකාරයකින්ම දිගටම සහාය වන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය ලබා නොදෙන බවට වාර්තා වන ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක විසින් මේ පිළිබඳ සඳහන් කළේය.
කොළඹ
2022 සැප්තැම්බර් 20