අභියෝගයක් වෙන අය විතරයි අපි එළවන්නෙ, ජීඇල් අයින් කරන්න හදිස්සියක් නෑ – පොහොට්ටු ලේකම්

Date:

පක්ෂයෙන් ඉවත්ව වෙනම කණ්ඩායම සාමාජිකයෙකු ලෙස කටයුතු කළද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බව එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට අනුව නිසි ක්‍රමවේදයෙන් සිදුවනු ඇති බවත්, පක්ෂ විධායක සභාව ඉදිරියේදී එම තීරණය ගනු ඇති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

ජී.ඇල්. පීරිස් මහතා හෝ ඔහු නියෝජනය කරන කණ්ඩායම පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොමැති බවද සාගර කාරියවසම් මහතා පෙන්වා දෙනවා. එනිසා සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා පක්ෂයට කිසිදු හදිස්සියක් නොමැති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.

අද පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සභාපති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පැහැදිලි කළේය.

පක්ෂය ගොඩනැගීමේදී සභාපතිවරයා විශාල කාර්යභාරයක් සිදුකළ බවත්, ඔහු පක්ෂයට විශාල සේවයක් කළ අයෙකු බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් මහතා පවසන්නේ පොදුජන පෙරමුණ යනු කළගුණ අමතක කරන පක්ෂයක් නොවන බවයි.

නව සභාපතිවරයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊට යෝජනා වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තාද පොදුජන පෙරමුණේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි. සභාපති තනතුරට පත්වීමට පක්ෂයේ බොහෝ පිරිසක් කැමැත්තෙන් පසුවීම සාමාන්‍ය තත්වයක් බවත් සභාපතිවරයා ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව නව සභාපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව පක්ෂ නායකයන් අවධානය යොමු කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...