*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

හින්දි දිනය ශ්‍රී ලංකාවේ සැමරේ

2022 සැප්තැම්බර් 14 වන දිනට යෙදුණ හින්දි දිනය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මහත් උනන්දුවකින් සමරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් වලින් හින්දි භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, විද්වතුන්, ගුරුවර ගුරුවරියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනකුගේ පමණ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සාම්ප්‍රදායික උඩරට නර්තනයකින් ආරාධිත අමුත්තන් පිරිස පිළිගන්නා ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සංස්කෘතික සබඳතාවයන් පිළිඹිබු කරමින් බොලිවුඩ් සහ සිංහල ගීත රැසකට නර්තනාංග ද මෙහිදී ඉදිරිපත් කෙරිණ.

2.    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහශ්‍ර වර්ෂ ගණනාවක් පුරා පවතින සංස්කෘතික, සාහිත්‍යමය සහ ආගමික බැඳීම් ශක්තිමත් කිරීමෙහි ලා හින්දි භාෂාව සහ සාහිත්‍යය විසින් ඉටුකරන භූමිකාව අවධාරණය කළේය. සංස්කෘතික වශයෙන් නිවුන් සහෝදරයන් බඳු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්ටාචාරමය බැඳීම විදහා දක්වන මාහැඟි නිදසුන් වන පොල්තෙල් පහන දැල්වීම සහ සරස්වතී දේවිය වන්දනා කිරීම යන අංග ද්විත්වය පිළිබඳව ද මහ කොමසාරිස්තුමා විසින් අදහස් දක්වන ලදී.

3.    මෙහිදී ඉන්දියාවේ දී හින්දි භාෂාව හැදෑරීම සඳහා ඉන්දීය රජය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්ව දිනාගත් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකු හට උපහාර ද පිරිනමන ලදී. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන්ගේ ගුවන් ටිකට්පත්, අධ්‍යයන ගාස්තු සහ වසරක කාලයක් සඳහා කේන්ද්‍රීය හින්දි සංස්ථාන් හෝ අග්‍රාහි හින්දි මධ්‍යස්ථානයේ නවාතැන් පහසුකම් යනාදිය ආවරණය කෙරෙනු ඇත. මහ කොමසාරිස්තුමා එම සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක නිරත වූ අකර 2022 සැප්තැම්බර් 15 වන දින ඉන්දියාව බලා පිටත් වූ ඔවුන්ට සිය සුබ පැතුම් ද පිරිනැමීය.

4.    කේන්ද්‍රීය හින්දි සංස්ථාව විසින් පවත්වනු ලබන පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ මධ්‍යස්ථානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙහිදී අගයන ලදී.

5.    හින්දි දින සැමරුම නිමිත්තෙන් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හින්දි භාෂා රචනා තරඟ, කතාන්දර කීමේ තරඟ, කවි ගායනා තරඟ සහ කේවල හින්දි ගීත ගායනා තරඟ වැනි තරඟ දිවයින පුරා පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ හින්දි භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට ඔවුන්ගේ සාහිත්‍යමය සහ භාෂාමය හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම තරඟ පැවැත්වීමේ අරමුණ වේ. මෙම තරඟ සැප්තැම්බර් මාසය පුරා පවත්වනු ලැබේ.

***

කොළඹ 2022 සැප්තැම්බර් 19

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan