දිස්ත්‍රික්ක හතරකට නායේ යෑම් අනතුරු!

Date:

කොළඹ LNW: පවතින අධික වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය ගාල්ල,මාතර,කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට නායේ යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය පවතින වර්ෂාපතනයේ වෙනසත් සමඟ වෙනස්වීමට ඉඩ තිබෙන අතර එමෙන්ම අනෙකුත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය නිසා කඳු අශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂක ස්ථානයක් කරා යන ලෙස ද ඉල්ලා සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...