මැතිවරණ නිරීක්ෂණයට ජාත්‍යන්තරයෙන් 116ක්!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු දිවයිනට පැමිණ සිටිති.

ඉන් 78 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මැතිවරණ නිරීක්ෂණය සඳහා එක්ව සිටින අතර ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් නිරීක්ෂකයින් 09 දෙනෙකු පැමිණ තිබේ.

මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා
පැමිණ සිටිති.

මෙම මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම නිරීක්ෂණ කටයුතු සිදුකරන අතර ඊට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් ද නිසි පරිදි ලබා දී තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...