රටින් යන්න ගිය ඩෑන්ට වැඩේ වැරදිලා!

Date:

කොළඹ LNW:සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) දිවයිනෙන් බැහැරවීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණද ගුවන් තොටුපොළ විසින් ඔහුව හරවා යවා ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රී 08.22ට කටුනායක ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ Emirates ගුවන් සේවයට අයත් EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට ඔහු සූදානමින් සිට ඇති බව සඳහන්.

වාර්තා වන අන්දමට ඔහු උත්සහ කර ඇත්තේ එම ගුවන් යානයෙන් මාලදිවයින බලා යාමටයි.

2022 මැයි 09 වෙනිදා ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ඔහු වන අතර ඒ හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ගල්කිස්ස අධිකරණය විසින් නියෝගයක් ද පනවා ඇති පසුබිමකයි ඔහු රටින් පිටවීමට උත්සහ දරා තිබුණේ.

එහෙත් එම අධිකරණ නියෝගය අනුව ඩෑන් ප්‍රියසාද් ට රටින් පිටවීමට ගුවන්තොටුපල බලධාරීන් ඉඩ දී නැති බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...