මේ ගැනත් නිවැරැදිව දැනගෙනම ඡන්ද පොළට යන්න!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

මේ වනවිට ආරම්භ වී ඇති 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී ඇත.

එබැවින් ඒ සඳහා පහත ලියවිලි එකක් රැගෙන ඡන්දය පාවිච්චි කිරීමට යන ලෙස දන්වා ඇත.

* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය 
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

එම ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව සඳහන් වේ.

ඡන්දපොළට යන ඔබ, මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කෙසේ ද?

එහිදී,

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ එක් කතිරයක් පමණක් යෙදීම, ඡන්දය භාවිත කළ හැකි වලංගු ක්‍රමයකි.

අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුය.

මනාප ප්‍රකාශ කිරීමේදී එක් අපේක්ෂකයකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර දෙදෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වලංගු වන බව සඳහන් වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...