ඡන්දෙ නිසා ඉල්ලීමට ඇති වෙලාව කල් දායි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 21, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවත්වෙන ආධුනිකයන් සඳහා වන වයස් කාණ්ඩ බැඩිමින්ටන් තරගාවලියට ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය මැතිවරණ දිනය නිසා ඇති වූ කාර්ය බහුලත්වය නිසා කල් දැමීමට සිදු වූ බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී අප සභාපතිවරයෙකු වූ රොෂාන් ගුණවර්ධන පවසනවා.


“අපට දැනටමත් අයදුම්කරුවන් 1200 ක් ඉන්නවා.ඒක ලොකු ගණනක්.ඒත් මේ මැතිවරණ කාලය නිසා පුළුවන්නම් තව දින කිහිපයක් අයදුම්පත් භාර ගැනීම කල් දමා දෙන ලෙස ඉල්ලීම් ගලා ගෙන ආවා.28 ටූනමන්ට් එක පටන් ගන්නවා.එතකොට අපි ඉල්ලුම්පත් භාර ගැනීම 25 පස්වරු 3.00 දක්වා දීර්ඝ කරාම සංවිධායකයින් තමයි විශාල අර්බූදයකට පත් වෙන්නෙ.ඒත් අපි ක්‍රීඩාව වෙනුවෙන් ඒ දුෂ්කර අභියෝගය භාර ගන්න තීරණය කරලා 15 වන දා දක්වා ඉල්ලුම්පත් භාර ගැනීමේ දිනය කල් දැම්මා.“


රොෂාන් ගුණවර්ධන ඇති වී තිබෙන තත්ත්වය පැහැදිළි කරමින් අපට පිළිතුරු දුන්නා..රගාවලියේ අනුග්‍රාහකයින් සහ තිළිණ සම්බන්ධ ඡායාරූපයක් වගේම තරග කල් දැමීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන පෝස්ටරයද මේ තරගාවලිය ගැන පැහැදිළි කර ගැනීම සඳහා අප මෙම සටහනටම එකතු කරනු ලබනවා.


දේවාලපොල,නයිවල පිහිටි සනිරෝ නිව් එයාර් පෝර්ට් ක්‍රීඩා සංකීරණයේ දී මේ තරගාවලිය සැප්තැම්බර් 28 සිට ඔක්කෝම්බර් 2 දා දක්වා පැවත්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...