2024 ජනාධිපතිවරණය: 82න් පසු පැවති සාමකාමීම මැතිවරණය!

Date:

කොළඹ LNW:1982 සිට මේ දක්වා පැවති සාමකාමීම මැතිවරණය 2024 ජනාධිපතිවරණ බව ප්‍රජාත්‍රන්තීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

ඔවුන් මෙම මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටි අතර ඉතාම සතුටු දායක ලෙස ජන්ද විමසීම අවසන් වූ බවයි ගජනායක මහතා සඳහන් කරන්නේ.

”උදෑසන ග්‍රාමීයව ජන්දය වැඩිපුර ලබාදීමක් දැක්කා. තදාසන්නව හවස් වරුවේ ජන්දය ලබාදීම වැඩි වුණා. පාඩම් බොහොමයක් ඉගැන්වූ ජන්දයක් මේක. මේ තරම් අපේක්ෂකයින් ප්‍රමාණයක් නැවත ඉල්ලන්න අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙවර ජන්ද දායකයාට වඩා අපේක්ෂකයින්ට ආතතිය ආවා.
ඔවුන් විශාල මුදලක් වැය කළා. ඉතිහාසය තුළ පැවැත්වූ සාමකාමීම ජන්දයයි. නව ජන්ද මිලියනයම ජන්දය ලබාදුන්නාද කියලා සැකයක් තියෙනවා. පිරිසක් ආර්ථික අර්බුදය නිසා රට ගියා. පිරිසක් කලකිරීම නිසා දුන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුනා මීට වඩා තරුණයින් ජන්දය දේවී කියා. පොලිස්පතිවරයෙක් නැතිවීම ලොකු ආශිර්වාදයක් වුනා. මාධ්‍ය සුවිශේෂී කාර්යයක් කළා. විධායක ජනාධිපතිවරයා ජන්දය ඉල්ලනව නම් රාජ්‍ය යාන්ත්‍රණය යොදාගැනීමට නොහැකි වෙන විදිහට නීති වෙනස්කළ යුතුයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් වාර්තා වෙනවා. නමුත් මැතිවරණ ප්‍රතිඵලයට බාධාවක් නෑ. බදුල්ලේ මේ දේශපාලකයා අවමානයක් කළා. ඊලග මැතිවරණයේදී ඔහුව පරාජය කරන්න. යම් යම් සිද්ධීන් වාර්තා වුනා. එක තැනක ජන්ද දායකයෙක් හරවා එවා තිබුණා නම නෑ කියලා. දුඹුරු පෑන් නැති නිසා පාට පෑන් වෙනුවට පැන්සල් භාවිතා කරන ඒවා වැනි සිදුවීම් දැක්කා.”
යනුවෙන් ගජනායක මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...