බිල් ගෙවාගන්න බෑ, විදුලි බිලට සහන දෙන්න – මහ නාහිමිවරු ඉල්ලයි

Date:

විදුලි ගාස්තු සහන ඉවත් කිරීම හරහා ආගමික ස්ථාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවත්, චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික සිද්ධස්ථාන කෙරෙන් ඈත්වීම අනාගතයේදී සමාජය තුළ බොහෝ අනිටු ඵල විපාක ඇතිකි‌රීමෙහි ලා හේතු විය හැකි බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන මුහුණ පා ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මහ නාහිමිවරු මේ බව කියා සිටී.

මහජනතාවගේ පරිත්‍යාගවලින් නඩත්තු වන ආගමික ස්ථාන, නව සංශෝධනයේදී මුල්‍යමය ලාබ ලබන කර්මාන්තශාලා මට්ටමේ ලා සලකමින් කටයුතු කරන බව පෙනී යන බවත්, මේ නිසා බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන් අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යා නොහැකි බවත් අදාල ලිපියෙන් පෙන්වා දෙනවා.

මතුව ඇති අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගෙන ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් හා සහනශීලී නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මැදිහත් වන ලෙස මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...

විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: අගෝස්තු 7, 8, 10, 11,...

ඔබට කූද්දවා පෙන්විය යුතු, රාමුවෙන් එහා ලෝකය!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): භූ දර්ශන ඡායාරූපකරණය...

ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන්...