10000 කට මැලේසියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රැකියා අවස්ථා 10,000 ක් වෙන් කිරීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා එරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සිදු කරන උපකාරයක් ලෙසයි මැලේසියානු රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ශ්‍රී ලාංකිකයන්ට මැලේසියානු රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය මැයි මාසයේදී මෙරට මැලේසියානු මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර මැලේසියානු රැකියා ඉලක්ක කර ගනිමින් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...