සෞඛ්‍ය ඇමති නැහැ කියන ත්‍රිපෝෂවල ඇපලටෝක්සින් කතාවේ ඇත්ත මෙන්න (VIDEO)

Date:

ඇපලටෝක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු ත්‍රිපෝෂ ගැබිණි මව්වරු,කිරි දෙන මව්වරු සහ දරුවන් වෙත බෙදා හැර ඇති බවට පළවූ පුවත් සම්බන්ධයෙන් අද (21) ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියේය.

මෙම ත්‍රිපෝෂ ප්‍රශ්නය පසුගිය දෙසැම්බර් මාසයේ සිට පැවති ඇති බවයි උපුල් රෝහණ මහතා මෙහිදී සඳහන් කළේ.

තමන් කිසිම ආකාරයකින් සාවධ්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති අතර අද දිනයේදී අහාර කොමසාරිස්වරයාද තහවුරු කර ඇත්තේ මීට මාස එකහමාරකට පමණ පෙර එලෙස නිසි ප්‍රමිතියෙන් යුතු නොවන ත්‍රිපෝෂ බෙදා හැර ඇති බව යැයිද ඔහු කියා සිටියේය.

දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට දෙන මෙවැනි සංවේදී ආහාර ලබාදීමේදී මීට වඩා සංවේදී ආකාරයට කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ කලමණාකාරවරයා සහ අනෙකුත් නිලධාරීන් මේ සම්බන්ධයෙන් තමන් සමඟ කතා කළ බවත් ධාන්‍ය තොගයක පැවති ගැටළුවක් නිසා එවැනි අතපසුවීමක් කලින් සිදුව තිබුණත් සැප්තැම්බර් පළමු වැනිදාට පසු නිෂ්පාදනය කරන සියලුම තොගවල සාම්පල් පරීක්ෂා කරන බවත් බෙදාහැරිම ඊට පසුව සිදුවන බවත් තහවුරු කර තිබෙන බවයි උපුල් රෝහණ මහතා කියාසිටියේ.

දුප්පත් ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා මෙවැනි ආහාරයක් ලබාදෙනවා නම් එය සැලකිල්ලෙන් දිය යුතු වන බවත් එසේ කළ නොහැකි නම් එවැනි දේ ලබා නොදී සිටීම ඊට වැඩ හොඳ බවද ඔහු පැවසුවේය.

මෙහිදී විශේෂයෙන් දරුවන් මේවා ආහාරයට ගෙන ඇත්නම් එමඟින් දිගුකාලීන බලපෑමක් ඇති විය නොහැකි බව කීමට නොහැකි හෙයින් කීමට ඇත්තේ මෙවැනි සිදුවීමක් ඉදිරියේදී ඇති නොවීමට බලධාරීන් වගබලා ගත යුතු වන බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...