*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ප්‍රශ්නය භානුකගේ දෙවියා ඔබේ දෙවියා නොවීමය

ක්‍රිකට් එක්තරා අන්දමකින් හිස ඔසවාගෙන පැමිණෙන මොහොතක යළිත් ඒ මත පීඩනය පටවන්නට ලංකාවේ නූගත් ආගමික කොට්ඨාශ පියවර ගනිමින් සිටින බව පැහැදිළිය.එයට පාදක වන්නේ එවැනිම අතාර්තික ආගමික මතයක සිට භානුක රාජපක්ෂ විසින් සිඳු කරන ඇදහීම් ය.

මෙතැනිදී භානුකගේ ඇදහීම කෙතරම් තාර්කික ද යන්න වෙනුවට ඒවා විවේචනය කරන බොහෝ පිරිස් සඳහා ඕනෑ කරන්නේ භානුක තමන්ගේ දෙවියන්ව විශ්වාස කරනු දැකීමය.ගැටළුව ඇත්තේ එතැනය.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිවිස්ගේ නායකත්වය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය සහ සමාජීය වශයෙන් කණ්ඩායම තුළ ඇති කළ පීඩනයට පදනම වූයේ ඔහුගේ ආගමික සහ ජාතියේ අනන්‍යතාවය ය.ඒ සමඟම බෞද්ධ සහ සිංහල අයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය යුතු බවට ගොඩ නඟපු මතයක් ද සමාජය හරහා ඔසවා තබන්නට පටන් ගත්තේය.ඒ සමඟම සුපින්වත් බෞද්ධයන් නිවුණා වූ වචනයෙන් කුරුසය සළකුණු කරන ක්‍රීඩකයින් ඉලකක කරගෙන ඒ ක්‍රීඩකයන්ගේ මව්වරුන් පවා සිහිකරන තත්ත්වයට බෞද්ධකම ප්‍රදර්ශනය කරන්නට වූවාය.කයින් සහ වචනයෙන් සංවර වූ පරමාදර්ශී සිංහල බෞද්ධ ප්‍රෙක්ෂකයා තරග පැවත්වෙන අතරතුර හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නට එන ක්‍රීඩකයාට එහි රැඳෙන්නට බැරි තරමට පීඩනය එල්ල කරමින් බෞද්ධකම ප්‍රදර්ශනය කරන අයුරුද දකින්නට ලැබිණ.

සිගරට් අරක්කු බීම ද බෞද්ධ සමාජවල සාකච්ඡාවට ලක් වූයේ ගිහියෙක් හැටියට පුංචි ෂොට් එකක් දාගෙන තරගයක් නරඹන විට පස් පවින් වැළකී සිටින ජීවිත හැටියට ලෝකෝත්තර වී ඔවුන්ගේ රුචිකත්වයන් අමතක කර පෘතග්ජන තමන් පිනවීමට කටයුතු නොකිරීම ගැන චෝදනා එල්ල කරමින්ය.බොරු හෝ ඇත්ත කුමක් වුව මිනිසෙක්ගේ ආගමික විශ්වාසය යනු ඉතා තදින් තමන්ගේ පතුලටම දැනෙන එකකි.එය පහුරු ගෑම වේදනා දෙන්නක් වන අතර මනස වියවුල් කරන ඒකාග්‍රතාවය බිදින සුළු එකක්ය.එසේම ආගමික ප්‍රචණ්ඩත්වය යනු කවරක්ද යන්න වටහා ගැනීමට ඇතුළත ඇති දේශපාලන ගේම් කුමක් වුව පාස්කු ප්‍රහාරය ද,අල්කයිඩා,ඇෆ්ගන් ගරිල්ලා මෙන්ම වෙනත් ආගම් නියෝජනය කරන ත්‍රස්ත සංවිධාන ද පැහැදිළි කරන්නේය.එවැනි ප්‍රචණ්ඩත්වයකට තමන් ඉතා ප්‍රබල බව සිතන සහ ශුද්ධ බව සිතන ආගමික සංවිධානයක් ගොදුරු විය හැකි බව සිතන පුද්ගලයෙක්ට දැනෙන බිය ද සුළු පටු නැත.

මේ තත්ත්වය දසුන් ශානක ඉතා බුද්ධිමත්ව කියවාගෙන ඇත,ජයග්‍රහණයකින් පසු කණ්ඩායම පසු පස වැටෙන විවිධ සංවිධාන සහ පුද්ගලයින් ක්‍රීඩකයාගේ රුචිකත්වයට ගරු කර තීරණය කිරිමට ඉඩ දීම වෙනුවට,එය තමන්ට අවශ්‍යය පරිදි විය යුතු බව සිතීමෙන් යළිත් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බලපෑම් විය හැකි බව දන්නා දසුන් ඉතා ඕනෑකමෙන් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතයට නිදහස ඉල්ලා සිටියේය.මන්ද ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන චෝදනා අතර ඔවුන්ගේ විශ්වාසයන් නිර්දය ලෙස කඩතොළු කිරිමෙන් ඇතිවන පාඩුව දසුන්ට දැනෙන නිසාය.

එසේම එවැනි විවේචන නිර්දය වන්නේම ක්‍රීඩකයා විශ්වාස කරන දේ මිත්‍යාවක් යන්න සළකා නොවන අතර විවේචකයාට ඇති ප්‍රධානම ගැටළුව පැන නඟින්නේ තමන්ගේ විශ්වාසය ඔහු පිළිනොගැනීම සම්බන්ධයෙන්ය.තමන්ගේ විශ්වාසයට එයින් එල්ලවන පහරින් කුපිත වීමෙන් ඉනික්බිතිව ඔහු හැසිරෙන ආකාරය ක්‍රීඩකයාගේ මනසට කරන බලපෑම අතිශයින් දරුණු එකකි.එය දුර්වල විශ්වාසයන් අදහන අයෙක් තමන්ගේ ප්‍රබලත්වයට හානි කරන්නට කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වාවි ද යන සැකය හිතේ ඇති වීමෙන් ක්‍රීඩකයා ලක්වන තත්ත්වය වළක්වා ගැනීම කණ්ඩායමේ ජයග්‍රහණය පිණිස අවශ්‍යය වන බව දසුන් දන්නේය.
ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩකයින් පසුපස වැටෙන බොහෝ සංවිධාන,ව්‍යාපාර තමන්ගේ පැවත්ම උදෙසා ක්‍රීඩකයා යොදා ගන්නා ආකාරයෙන්ම භානුකගේ ආගමික නිකාය ද,ඒ තත්පරයේ සිය සජීවී ශක්තිවන්තයා දෙවියන් කර අලෙවි කිරීමට භානුකගේ නිකායට අවශ්‍යය විය.හැබැයි ඊට විරුද්ධවන බහුතරයක් මිත්‍යාවට විරුද්ධවන්නන් නොවේය.ඔහුගේ මිත්‍යාව තමන්ගේ මිත්‍යාව නොවීමට විරුද්ධ වන්නන්ය.භානුකගේ දෙවියන් වෙනුවට තමන් විශ්වාස කරන පරිදි අතේ පිරිත් නූලක්,කරේ කුරුසයක් හෝ නළලේ තින්නූරු තිබේනම් භානුක භක්තිවන්තයෙක් වන්නට තිබිණ.ඒ නිසා ආගමික බොරුවට ඇත්තටම විරුද්ධ වීම යනු වෙනත් ආගමක් සම්බන්ධයෙන් වන වියරු බැතිමතෙක්ගේ කෝපයට ලක්වීමක් නොවේය.නමුත් වැඩිපුරම සිද්ධවෙන්නේ එවැනි දේ ය.ඒ නිසා කියන්නට ඇත්තේ භානුකගේ දෙවියන් භානුකට දී තමන්ගේ දෙවියන් තමන් තියා ගන්නා ලෙසය.දෙවියන්ගේ හෝ වෙනත් ආගමික භක්තීන්ගේ හැප්පිලිවලින් ක්‍රිකට්වලට හානි වෙන්න ඉඩ නොදීම වැදගත්ය.
අපි පිටිටනියේ ඉන්න ක්‍රීඩකයින්ට නිතරම අවුල් වැඩකට අර අඳින විට කියන වචනයක් තිබේ.ඒ STEADY THERE යන්නයි.දසුන් ශානක ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රිකට් ලෝලීන්ට කිව්වේද එයමය.

STEADY THERE
“භානුකගේ දෙවියන් පැත්තකින් තබා ඔබ භානුක ඔසවාගෙන යන්න සිතන්න.එවිට ඔහු ඔබට ඔහු ඔසවාගෙන යන්න හිතෙන ඉණිමක් දෙනු ඇත.”
මීට
ක්‍රිකට් දෙවියන්
ක්‍රිකට් වෙනුවෙන් කිව හැක්කේ එපමණයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan