ලංකාවට එන තෙල් නැව් සිල්ලර වෙළඳාමට බහී !

Date:

වසර කිහිපයකට සිට රටේ සිදුවන්නේ අරුම පුදුම දේවල්ය. නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපල, හෙටත් අමාරුයි අනිද්දා ඊටත් වඩා අමාරුයි කියන ජනාධිපතිවරු, ට්විටර් පණිවුඩ දෙන ඇමතිවරු ඉන් කිහිපයකි.

මේ කියන්නේ තවත් අරුම පුදුම දෙයක් ගැනයි.

කොළඹ වරාය වෙත පැමිණ තිබෙන SANBORO ඉන්ධන නෞකාව සිල්ලර ක්‍රමයට ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ නෞකාවේ වරදින් නොව අපේ රටේ පාලකයන්ගේ හපන්කම් නිසාවෙනි.

අදාල නෞකාවේ ඉන්ධන තොග ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 40 ක් ගෙවිය යුතුය. මේ වනවිට අන්තයටම බංකොලොත් වී සිටින ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 40 ක් තබා එක ඩොලරයක් හෝ සොයාගත නොහැකිය.

මේ නිසා ඩොලර් ලබා දෙන්නැයි මහ බැංකුවෙන් ඉල්ලා ඇති අතර කෙසේ නමුත් ඉන්ධන ආනයනය සඳහා මහ බැංකුව දිනකට නිකුත් කරන්නේ ඩොලර් මිලියන 05 ක් පමණි. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට සිදුව තිබෙන්නේ සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් වෙළඳසැලට ගොස් හාල් කිලෝ එකක් මිලදී ගන්නා ආකාරයෙන් ඩොලර් මිලියන 05 ක් දී ඊට සරිලන ඉන්ධන ගොඩබෑමටයි.

ඒ අනුව ඉන්ධන නෞකාවේ ඉන්ධන ගොඩබෑම අවසන් කිරීම සඳහා අවම වශයෙන් දින 08 ක් ගත වේ. එයද කළ හැක්කේ මහ බැංකුව දිනපතා ඩොලර් මිලියන 05 බැගින් ලබා දුනහොත් පමණි.

ඉන්ධන ගොඩබෑම අවසන් වනවිට ප්‍රමාද ගාස්තු ලෙසද තවත් ඩොලර් ලක්ෂ ගණනක් අමතරව ගෙවීමටද සිදුවනු ඇත.

මහ බැංකුව ඩොලර් ඉතුරු කර ගන්න අරුම පුදුම ප්ලෑන් ගහන්නේ ඒ ආකාරයෙනි.

හොඳට තිබ්බ රටක් – අපි වැටිච්ච තැනක් !

ප.ලි.
හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බොරතෙල් නෞකාවකට ගොඩවූ පළමු ඇමතිවරයා ලෙස වාර්තාවක් තැබූ ආකාරයෙන්ම, වත්මන් විදුලිබල හා බලශක්ති ඇමතිවරයාද රටක අවශ්‍යතාවය සඳහා සිල්ලරට ඉන්ධන මිලදී ගත් පළමු ඇමතිවරයා ලෙස වාර්තාවක් තබා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...