උද්ධමනය 70 කඩඉම පසු කරයි !

Date:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසිකව සකස් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය අද නිකුත් කර තිබෙනවා. ඒ ගත වූ අගෝස්තු මාසයට අදාලවයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජුලි මාසයේදී 66.7% ක් ලෙස පැවති මතුපිට උද්ධමනය 70.2% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසය තුළ 82.5% සිට 84.6% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 52.4% සිට 57.1% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩයේ මෙන්ම ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවලද මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර මේ වනවිට ශ්‍රී ලංකාව ලොව අධි උද්ධමනයක් වාර්තා වන රටවල් අතර පළමු ස්ථාන කිහිපය තුළ රැඳී සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...