සතොස හිටපු සභාපතිට ඇප

අද අත්අඩංගුවට ගත්, හිටපු සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා ඇපමත මුදාහැර තිබෙනවා. රුපියල් 50,000 ක සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ.

සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 31 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්‌ චෝදනා එල්ල වී ඇති ගුණවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

සතොස ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායක ආයතනය තුළ මුදල් වංචා ගණනාවක් සිදුව ඇති බවයි. අදාල වංචා සම්බන්ධයෙන් මේ වනවිට හෙලිදරව් වෙමින් තිබෙන බවද නීතිඥයා වැඩිදුරටත් සඳහන් කළේය.

සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ වෙනුර ගුණවර්ධන මහතා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සතොස ක්‍රියාපටිපාටියෙන් බාහිරව සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමට උපදෙස් ලබා දී ඇති අතර සේවය අත්හිටුවා තිබූ ඉන්දික හේමාල් රත්නමලල නමැත්තා යළි සේවයේ පිහිටුවීමටද කටයුතු කර තිබෙනවා.

සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික ‌හේමාල් රත්නමලල මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම්කර සිටින අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. ඔහු ලබන 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ලක්ෂ 24 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා මෙම නඩුවේ පළමු සැකකරු ඉදිරිපත් කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔක්තෝබර් 07 වැනිදා සැකකරු මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...