සටහන – රුවන් නෙළුගොල්ල
43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ජනතා ප්‍රසාදය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක් නෑ, ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්. 43%ක් ගත්ත අනුර දිසානායක ජනාධිපතිවරයා අද වෙනකොට 75% කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. මං හිතන්නෙ කළය බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ”
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


