අනුරගේ 43% දැන් 75% කටත් වැඩිවෙලා. 2029දීත් ජනාධිපති අනුරම තමයි – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ජනතා ප්‍රසාදය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක් නෑ, ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්. 43%ක් ගත්ත අනුර දිසානායක ජනාධිපතිවරයා අද වෙනකොට 75% කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. මං හිතන්නෙ කළය බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...