තවත් අල්ලසක් කොටුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකකයේ වැඩබලන කළමනාකාරවරයා, අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට හසුවීමෙන් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.

නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (20) පස්වරුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන  ඇත්තේ, පැමිණිලිකරුගේ මියගිය පියාට අයත් ඉඩමක බලපත්‍රයක් ඔහුගේ නමට සකස් කරදීම සඳහා සැකකාර කළමනාකාරවරයා රුපියල් 75,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේ දීය.

අත්අඩංගුවට ගත් සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...