මහ කන්නයේ දී පොහොර සඳහා මුදල් ලැබෙන්නේ  මෙහෙමයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ හෙක්ටෙයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන අතර එම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම අදාළ මුදල්වලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව පවතින බවත්, බණ්ඩි පොහොර හා යුරියා පොහොර මේවනවිට අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව පවතින අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිතයි.

ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය නියෝජනය කරන සියලුම දිස්ත්‍රික්කවල සභාපතිවරු සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...