නුසුසුයි කියපු අක්ෂි කාච හිටි ගමන් හොද වෙලා

Date:

ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අක්ෂි කාච මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කල සමාගම් සියල්ල, නියමාකාරයෙන් එම ලංසු ඉදිරිපත් කර නැති බැවින් නැවත එම ටෙන්ඩර කැඳවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි. නමුත්, හිටි හැටියේ එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කල සමාගම් වලින්ම එම අක්ෂිකාච තොගය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ නැවත තීරණයකොට තිබෙන බව වාර්ථාවේ.

වරෙක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම වැරදි බව තහවුරු කල හා ඒ බව කමිටු වාර්ථා පවා තහවුරු කර තිබියදී, හිටි හැටියේ එම වැරදි නිවැරදි වන්නේ කෙසේද යන්න ප්‍රශ්ණ සහගතය. කෙසේ නමුත්, ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හසුකර ගන්නා වැරදි තමන් කැමති සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරණු ලබන උපායක් ලෙසද ක්‍රියාතමක වන බැවින්, වැරද්දක් හිටි හැටියේ නිවැරදි වීමද සැක සහිත තත්වයක් බැවින් මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස අප සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

අක්ෂි කාච 82500ක් මිල දී ගැනීම සඳහා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම ටෙන්ඩර කැඳවා ඇති අතර අඩුම ලංසු තැබූ එක් සමාගමක් විසින් නියමිත පරිදි ලංසු බැඳුම්කර (bid bond) සපයා නැති අතර, අනෙක් සමාගම නියමිත පරිදි නිදර්ශක සපයා නොතීබීම හේතුවෙන් අදාල ඇණවුම් ලබා දීමට නොහැකිය. මෙම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 800/-කට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කිරීමට නියමිත බැවින් මෙවැනි වැරදි සහගත පූර්වාදර්ශයක් පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් රජය විසින් යොමු කල යුතුව ඇත.

තවද, මාස 6 කට තරම් ප්‍රමාණවත් අක්ෂි කාච ඖෂධ සැපයීම් අංශය සතුව තිබෙන බව පුණ පුණා ප්‍රකාශ කරමින් තිබියදී, මෙම ටෙන්ඩර නැවත ඉදිරිපත් කර මිලදී ගැනීම් සිදු නොකිරීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිළි කල යුතුය. සමාගම් අතර තරගය වැඩිවන ආකාරයට නැවත මෙම ටෙන්ඩර ඉදිරිපත් කිරීමට හැකි වුව හොත්, මිලියන 600කට පමණ මෙම අක්ෂි කාච තොගය මිලදී ගැනීමට හැකි බව, ඉදිරිපත් කර ඇති මිල ගණන්පි ළිබඳ අධ්‍යනයේදී පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඒ අනූව වැරදි ටෙන්ඩර නිවැරදි කිරීමේ තලගොයි-කබරගොයි න්‍යාය වෙණුවට, නිවැරදි ටෙන්ඩරයක් නැවත ඉදිරිපත්කර මිලියන 200/-ක පමණ විශාල මුදලක් ඉතිරිකරගත හැකි තත්වය සැලකිල්ලට ගනිමින් හෝ අක්ෂි කාච මිලදී ගැනීමේ දූෂිත ගණුදෙණුව නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වග බලා ගත යුතුය.

රකුස්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේ වෙනසක් ?

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි...

ඩේසි ආච්චිගේ රෝගී තත්වයන් ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...