දෙවෙනි තුන්වෙනි මනාප ගැන්නත් දිනන්නේ අනුර – විජිතගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW: දෙවෙනි මනාප තුන්වෙනි මනාප ගණන් කළද අනුර දිසානායක සහෝදරයා පරාජය කිරීමට කිසිවෙකුට හෝ නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

සමස්ත ප්‍රතිඵල නිකුත් නොකර දෙවෙනි මනාප ගැනීමේ ක්‍රියාවලියට යොමු වීම නිසා සමාජය තුළ ඇති වූ නොසන්සුන්තාවට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

ලක්ෂ 13කට වැඩි ජන්ද ප්‍රමාණයකින් අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කර ඇතත් 50%ට වඩා අඩු වීම නිසා දෙවෙනි,තුන්වෙනි මනාප ගණන් කිරීමට සිදුවන නමුත් එය අවසාන වන තෙක් මැතිවරණ නීතිය අනුව අවසාන ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවන අතර නිවැරදි ක්‍රියාවලියක් හරහා එය සිදුවන බවත් ඔහු කියාසිටියේය.

එම නිසා කලබල නොවන ලෙසත් ප්‍රතිඵල නිසි වේලාවට නිකුත් වනු ඇති අතර දැනටමත් අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කර ඇති බවයි විජිත හේරත් මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...