අපේ රටේ කිසිඳු මැතිවරණයකදී කිසිඳු පුද්ගලයෙකු මිය යා යුතු නැහැ – විධායක ජනපති ලෙස තේරීපත් වූ අනුර

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

අපේ රට තුළ තිබෙන බොහෝ බෙදීම් ඉතා වේගයෙන් සමනය කරගත යුතු බවත් , සාකච්ඡාවලින් ඉදිරියට යාමට හැකි බවත්, රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බවත් ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක්. ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. නීතියේ සංශෝධන අවශ්‍ය බව අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

රට පැති ගණනාවකින් අස්ථාවර වෙලා. රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපිට තිබෙනවා. 

අපේ රටේ කිසිඳු මැතිවරණයකදී කිසිඳු පුද්ගලයෙකු මිය යා යුතු නැහැ. 
අපේ රටේ බොහෝ දේ වෙනස් විය යුතුව තිබෙනවා. මැතිවරණ පැවැත්වීම, ජයග්‍රහණ සැමරීම, අනෙකාට බිය ගෙන දෙන සංස්කෘතිය අපි ඉවත් කළ යුතුයි.

අපේ රට තුළ තිබෙන බොහෝ බෙදීම් ඉතා වේගයෙන් අපි සමනය කරගත යුතුයි. අපිට සාකච්ඡාවලින් ඉස්සරහට යන්න පුළුවන්” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරකයින් පැමිණීමේ ඉතිහාස ගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින්...

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ...

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....